Thursday, December 13, 2012

රාවණා රජු මිත්‍යාවක්ද???

දැනට ඉගැන්වෙන පාසල් අධ්‍යාපනයේ දී “රාවණ” යන නාමය දැක්වෙන රජවරයකු ගැන නොදැක් වේ. නමුත් සංස්කෘතික ග්‍රන්ථ විමසා බලන විට ලංකාවේ රාවණ යන නාමයෙන් රජවරයකු සිටිය බව සොයා ගැනීමට පුළුවන. රාමායණය, මහාභාරතය, රඝුවංසය, ජානකීහරණය, ශිශුපාලවධ, රාවණ රාජාවලිය, මන්දාරම්පුර පුවත, රාජාවලිය, මහාවංශය දෙවන භාගය, රාවණ රාජධානිය යනාදියේ ඒ බව දැකගත හැකි ය. මෙයට අමතරව ලංකාවේ ඉතිහාස ග්‍රන්ථයක් ලෙස දැනට භාවිත නොවන මන්දාරම්පුර පුවත නමැති දුර්ලභ කෘතියේ සහ රාවණ රාජාවලිය, රාවණ පුවත, රාවණ හටන, රාවණ විස්තරය, රාවණ රජුගේ ගුවන් විස්තර කවි, කුරුණෑගල විස්තර නමැති පුස්කොළ පොත්වලද ද රාවණ රජතුමා පිළිබඳව කරුණු එමට ය.

මෙම පොත් සියල්ල ම ක්‍රි.ව. 1886 දී කෑගල්ල දිසාපතිව සිටි හියුනෙවිල් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට රැගෙන යන ලදී. දැනට එම පොත් එංගලන්තයේ බැලැක්ෆයර් වීදියේ පුස්තකාලයේ හියුනෙවිල් පුස්කොළ පොත් එකතුවේ ඇත. මෙයින් එක් එක් කවිය යොදා ගනිමින් ක්‍රි.ව. 1955 දී පී.ඊ.පී. දැරණියගල මහතා කෘතියක් සම්පාදනය කරන ලදී.

මන්දාරම්පුර පුවත අනුව එකල මෙරට රජවරු රාවණ රජතුමාට අයත් වූ රාවණ කොඩිය පෙරටු කර ගෙන යුද්ධයට ගිය අයුරු එහි දැක්වේ. එහි දැක්වෙන කවි කිහිපයක් පහත සඳහන් වේ.

යළි දෙනුවර සිවුසිය පත්තු මහ ද න
මහ කොඩි පෙරමුණට ගෙන ඊළඟ ගම න
“රාවණ කොඩිය” සිහසුන් කොඩිය ද රැගෙ න
හේවාහැට දුම්බර සෙන් විය ගම න

සිහසුන් “රාවණ දජ” ගෙන අසු පිටි න
දෙසියක් සෙබළු මර කළ සිට තුන්පෙළි න
පුවක්ගොල්ල, පුස්සල මැතිවරු දෙදෙ න
මාවත් දෙකේ වාසල මුර ගත එමෙ න

දෙසීයක් බළ සෙනඟ පෙළ පෙළ යොදවමි න
පුවක්ගොල්ල - පුස්සල මැතිවරු දෙදෙ න
සිහසුන “රාවණ දජ” පෙරටු කරමි න
අස්වාහන නැග ඊළඟ වියගම න

එකල මෙලක පසදු වීරසූරිය සහ පුස්සල මැ ති
විමල යසැති දිවාරත්න - හළුවඩනා මැතිදු බලැ ති
පබල මැතිදු රත්නායක - අඹගහතැන්නේ විකුමැ ති
“රවුළු දදය” නගා ගියහ - පන්සැන්ත බලසෙන්යු ති

අපේ සමහර උගතුන් විසින් මිත්‍යා කථාවක් ලෙස ඉවත් කිරීමට තැත දරන එසේම මනස්ගාත යැයි කියනු ලබන රාවණ රජු ගැන මහාවංශයේ ද දැකිය හැකි ය. පහත සඳහන් වන්නේ මහාවංශයේ ඒ ගැන ලියා ඇති ආකාරය යි.

“රාමායනභරතාදි ලෝකියාසු කථ සුපි
රාමස්ස වික්ක්‍රමඤ්ච වතස්ස රාවණ ඝාතිනෝ”
(මහාවය-පි.64-පරි 42)

නූතන සමහර සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉවත් කරනු ලැබ ඇති මහායාන ග්‍රන්ථයක් වන “ලංකාවකතාර සූත්‍ර” යේ ද සඳහන් වන්නේ රාවණ රජු කාශ්‍යප බුදුරදුන්ව ලංකාවේ සමන්ත කූඨයට ගුවන් රථයෙන් (පුෂ්පකයානය) රැගෙන ආ බව ය. කාශ්‍යප බුදුරදුන් රාවණ රජතුමාට සමණල කන්ද මුදුනේ දී ලංකාවතාර සූත්‍රය දෙසූහ. (ලංකාවතාර සූත්‍රය පරි. 1 - ගාථා 23, 24, 25, 26, 27, 28, 29, 30 ගාථා බලන්න) මෙම පුෂ්පකයානය රාම රාවණ යුද්ධයෙන් අනතුරුව ඉන්දීය රාම කුමරු විසින් පැහැර ගනු ලැබ සීතා දේවියත් සමග ඉන්දියාවේ අයෝධ්‍යාවට ගියේ ය. මහා භාරතයේ ඒ බව මෙසේ සඳහන් වේ.

“හත්වා තත්‍ර රිපුං සංඛ්‍යො භාර්යයා සහ සංගත:
ලංකේෂ්වරං ච චක්‍රේ ස ධර්මාත්මානං විභීෂණම්
භාර්යයා සහ සංයුක්තස් තතෝ වානර සේනයා
අයෝධ්‍යාමාගතෝ වීර: පුෂ්පකේන විරාජිතා”
(මහාභාරතය 56 අධ්‍යාය, දෝණපර්වය, 6, 7 ශ්ලෝක)

රාවණ රජුට අයත් ගුවන් රථයට නැඟී රාම කුමරු රියදුරු වූ බාලි සමග උපදේශක රාගිරාගේ විධානය අනුව අහසෙහි ඈතට පියාසර කර ඇත. ලංකාවේ දැනට භාවිත කරන රාජාවලිය අනුව රාවණා රජු ලක්දිව රජය කරවා ඇත්තේ ගෞතම බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884කට (ක්‍රි.පූ. 2428) ඉහතදී ය. (රාජාවලිය ඒ.වී. සුරවීර සංස්කරණය - දෙවන මුද්‍රණය 1997 -168 පිට)

රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් ය. මෙම කුමරු කරවූ ගල්ලෙන් විහාරය රහලගල පාමුල ඇති අතර, රහලගල රාවණ රජුගේ මාලිගාවක් තිබු එක් ස්ථානයකි. මෙහි නටඹුන් අද ද රහලගල පර්තවතය මුදුණේ ඇත. “දකුණු බුදු සිරි පතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල් ලිපි” නමැති ග්‍රන්ථයේ 57, 58 පිටුවල ඒ බව සඳහන් වේ. ඉන්ද්‍රජිත්ගේ පුත්‍රයා වූ අගිය කරවූ ලෙන් විහාරය කෑගල්ල කරඬුපොත අසල ඇති අළුලෙනයි තිබේ. මෙහි ඇති සෙල් ලිපිය පුර විද්‍යා අංශ මෙතෙක් කාබන් පිටපත් කර රටට ඉදිරිපත් කර නැත. එනමුත් මෙම ලිපිය ඡායාරූප ගත කර කෑගල්ලේ සරත් යටවර මහතා කෘතියක ඉදිරිපත් කර ඇත.

මෙයට අමතරව රාවණ රජුගේ යුද දක්ෂ මකර ඇමැතිතුමාගේ පුත් වූ “ශෝණ” කරවූ ලෙන් ලිපියක් අරනායක අම්බලකන්දේ නාරංගොල්ල වතුයායේ ගුරුළු ලෙන හි ඇත. (එච්.සී.පී. බෙල්ගේ R.K.D. - කෑගලු වාර්තාව - 69 පිට සහ සුනන්දා ප්‍රේමසිරිගේ කෑගලු කැටපත - 3 පිට බලන්න) රාවණ රජු ක්‍රි.පූ. 6000 දී පමණ කරවූ වැව් අතරින් එකක් අද ද රූගම වැව ලෙස අප විසින් හඳුනාගෙන ඇත. (රාවණ රජු බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884ට පෙර එනම් ක්‍රි.පූ.2428 රජ කර ඇති බව කලින් සඳහන් කළේ රාජාවලියට අනුව ය. රාජාවලියේ එසේ සඳහන් වුවත්, මාදුරු ඔය සොරොව්ව වසර 6000ක් පැරැණි බව පසුව සොයා ගැනීම නිසාත්, වෙනත් පුරා විද්‍යා සාක්ෂිත් ගෙන බලන විට රාවණ රජු ක්‍රි.පූ. 6000 දී රජ කර ඇති බව පෙනී යයි) මෙම වැව රූගම වැව ලෙස නම් කර ඇත්තේ විදේශික සුදු මහත්වරු ය. මහඔය (මුන්දෙනආරු) හරස් කර බැඳි වේල්ලක් මගින් එම වැවට ජලය රැගෙන යන ඇළ අදත් රාවණ ඇළ ලෙස ම දැකගත හැකි ය. ලංකාවේ අඟලේ සිතියමේ MAHAOYA SHEET 50 සහ බෝහියර් මහතාගේ වාරිමාර්ග කෘතියේ දී ද මෙය දැක ගැනීමට පුළුවන. රාවණ රජුගේ නාමයෙන් පුරාණයේ ග්‍රාම නාම 60ක් පමණ නම් වී තිබුණු අතර, මෙම නාම 1950න් පසුව වෙනස් කර තිබේ. නූතන හපුතලේ පෙර “රාවණගම” විය. මේ ගැන වත්මන් කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාද හොඳින් දනී. රාවණ රජතුමා දක්ෂ වෛද්‍යවරයෙක් බව “ඌව දනව්ව” පොතේ 43 පිට කියවීමෙන් දැන ගත හැකි ය.

ක්‍රි.ව. 1940 දී සඳහන් වූ රාවණ ගමක් දැන් රම්මුන්ගොඩ ලෙස ද, උඩුරාවණගම දැන් උඩුහාවර ලෙස ද, යටිරාවණ ගම දැන් යටිහාවර ලෙස ද වෙනස් වූයේ අප බලා සිටිය 20 වැනි සියවසේ දී ම ය. රාජකීය පණ්ඩිත නාමලේඛනයක් අප රටේ ඇත. එම නාමලේඛනයේ 716 වැනි රාජකීය පඬිවරයා වූයේ “රාවණාගොඩ” පියරතන හිමියන් වන අතර, 746 වැන්නා වූයේ “උඩුරාවණ” ඤාණරතන හිමියන් ය. 749 වැන්නා ලෙස “යටිරාවණ” ධම්මාරාම හිමියන්ගේ නාමය දැකිය හැකි ය. (ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය 1986 මුද්‍රණය 76, 77 පිටු) එම නාමයන් එදා එම ගම් තිබූ බවට හොඳ සාක්ෂි වේ. නුවරඑළිය ද පෙර රාවණ නගරය වූ අතර, එහි වැව ද රාවණ වැවයි. මෙම වැවේ කොටසක් ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් ගොඩකරනු ලැබ රේස් පිටිය සාදා ඉතිරිය වැව ලෙසට තබා ඊට ‘ග්‍රෙගරිස් ලේක්’ යැයි නම් කර තිබේ.

කැප්පෙටිපොළ යන ග්‍රාමය නම් කිරීමට පෙර මෙම ග්‍රාමය ‘පාලුගම’ වූයේ රාම - රාවණ යුද්ධය නිසා ය. රාවණ රජු රාමාට පැරදුණු තැන අදත් “රාමලංකාව” යනුවෙන් නුගතලාව අසල කුඩා ගමක් ඇත. සීතා දේවිය දිවුරුම් දුන්, කාශ්‍යප බුදුරදුන් පිටදුන්, නිග්‍රෝධ බෝධිය ක්‍රි.ව. 1832 වන තුරු ම දිවුරුම්වෙල > දිව්රුම් පොළ (නුගතලාව) තිබිණි. මේ බව පෝබස් මහතාගේ වාර්තාවක දැක්වේ. මෙම වාර්තාව අප අත අද නැත. විස්තර අවශ්‍ය අයට Discovering Ceylon කෘතියෙන් ද, බෝහියර් හඳුනාගත් ලංකාව කෘතියේ 343 පිටුවේ සිට ඉදිරියට ද දැක ගත හැකි ය. රාවණ මහ රජුට අයත් ගුවන් තොටුපොළක් මේ අසල විය. එය නමින් බිමණ පව්වයි. පසුව මෙය විමන් පව්ව ලෙස වෙනස් වි ඇත. අද තොටුපොළ කන්ද යනුවෙන් හැඳින් වෙන්නේ ද එකල ගුවන් තොටුපොළකි.

රාවණ රජුගේ තොප්පියක්, රන්සළුවක්, ඔටුන්නක් සහ ක්‍රි.ව. 1153දී සිටි ලක් රජු පරාක්‍රමබාහු රජුගේ ඔටුණු 32ක් සඟවා ඇති බව ලේඛන ගත ය. (මන්දාරම්පුර පුවත 16, 142, 278, 291, 325, 412, 413, 486, 541, 542, 551, 687) රහස්මිගොල්ල ලෙස අද ද වහරන එම ග්‍රාමය පෙර රාවණ රජුගේ රහස් ගුහාවක් ය. මෙම උමග 2006 අගොස්තු 30 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනය අනුග්‍රහයෙන් ස්වර්ණවාහිණිය ඔස්සේ විකාශය කළ වැඩසටහනකින් ජනතාව හමුවේ තැබී ය. රාවණ රජුගේ නමින් ම කරවූ රාවණ විහාරය අද අකුරු හරඹයකට හසු වී වාරණ නම් වී ඇති අතර වාරණට හැරෙන හංදිය අදත් යක්කුන්ගේ කැලේ > යක්කැලේ > යක්කල ලෙස ව්‍යවහාර වේ.

රාවණ රජුගේ ඇමැති වූ මකරගේ පුත් වූ ශෝණ සහ රාවණ රජුගේ මුණුපුරු වූ අගියගේ සොහොයුරු වූ අශ්වාරෝහක තැන කරවූ ගල්ලෙන් 100ක් ඇති විහාරය පිළිකුත්තුවයි. (ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා ගවේෂණ වාර්තාව-2005) ඒ අසල ඇති මාලිගාතැන්න රාවණ රජුගේ මාලිගා සංකීරණයකි. මෙහි කඩුව සහිත සෙල්ලිපිය ඇති අතර, දැන් කොටස් දෙකට කැඩී වෙන් වී ඇති පිළිකුත්තුව හා මාලිගාතැන්න පෙර එක විහාර බිමකි.

විශ්ව සාහිත්‍යයේ කිසිදු කෘතියක දැකීමට නොමැති රාවණ රජුගේ දියණියක් පිළිබඳව සෙල්ලිපියක් අපට හමු විය. යාල බඹරගස්තලාව නාගපබ්බත රාජමහා විහාරයට අයත් ලෙන් 60 ගණනින් එක ලෙනක දැකීමට ඇති එම සෙල්ලිපිය මෙසේ ය.

“පරුමික රවණ ඣිති ශොහිලි ලෙණෙ ශගශ”
(‘සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක්’ ග්‍රන්ථයේ - 25 පිට)

පරුමික (ප්‍රධාන හෝ පූර්ව මුකය) රවණ (රාවණ) ඣිති (දියණිය) ශොහිලි (ශොහිලි නම් නාමයකි) ලෙණෙ (ලෙන) ශගශ (සංඝයාට).

මේ අනුව රාවණ රජු, ඉන්ද්‍රජිත්, මකර, ශොහිලි යන රාවණට බැ‍ඳෙන සියල්ලෝ ම බෞද්ධයෝ ය. මෙම කතාව ලෝක ඉතිහාසයෙන් ඉවත් කිරීම කෙසේ සිදුවුණි ද යන්නත් අප නොදනී. විමසීම නූතන බුද්ධිමතුන්ට අපි බාර කරමු.

රාවණ රජු සොයා ගැනීමට සහ එය රට තුළ ස්ථාපිත කිරීමට මෙය අප කරන සටනකි. මෙය ‘රාවණ හටන’ යි. පෙර ද රාවණ හටන යන නමින් ලියැවුණු පුස්කොල පොතක් ඇත. එහි සඳහන් හතර පදයක් පහත සඳහන් වේ.

බිසවුන් මාලිගෙ ඇතුළට යන් නේ
එතකොට දෙවියෝ සාදු කියන් නේ
මාලිගෙ ඇතුලේ ගොසින් සිටින් නේ
හනුමන්තා දෙනු මොකද අසන් නේ
(Hugh Nevill – Sinhalese Verse-97)

නූතන කාව්‍ය සාහිත්‍යයේ සඳහන් වන්නේ වලවේ ගඟ සමනළ කන්දේ සිට ගලා බස්නා බවකි. එහෙත් එය වැරැදි ය. වලවේ ගඟ ගලා බසින්නේ සමනළ කන්දෙන් නොව රාවණ රජුගේ මාළිගය තිබූ රාවණ කන්දෙනි.

අදින් වර්ෂ 33,000 කට පෙර ලක් දෙරණ ඉපිද සුර අසුර යුද්ධයට තම සේනාධිපතිත්වය එක් කරමින් දක්ෂ ලෙස යුධ මෙහෙයවූ කරතගම මහසෙන් නම් වූ යුධ වීරයාගෙන් ඇරඹෙන අප හෙළ සටන් පෙළපත රණ රාවනා, පණ්ඩුකාභය, දුටුගැමුණු, පරාක්‍රමබාහු, විජයබාහු, සීතාවක රාජසිහ ආදී රණකාමී රජ දරුවන්ගේ ශිල්ප දැනුමෙන් පෝෂණය වී සුරක්ෂිත වී පාරම්පරිකව අද දක්වාම නොනැසී පැවත එන ”අංගම්පොර” නම්වූ ලොව විශිෂ්ඨතම හා අසිරිමත්ම සටන් සම්ප්‍රදාය වනවා මෙන්ම ලොව බිහිවූ ඉපැරණිතම සටන් කලාව ද වන්නේ ය.


සිව් හෙලය

වසර 2500 ක ප්‍රෝඩ ඉතිහාසයක් ඇති අප රට ලෝකයේ පැරණි ඉතිහාසයක් ඇති අනිත් රටවලට නොදැවනි ලෙස ඉහලින්ම තැබිය හැක. නමුත් අප සියලු දෙනාම කතා කරන්නෙ විජයාවතරනයෙන් පසු දියුණු වුණු නැතහොත් සංවර්ධනය කරන ලද ඉතිහාසයකි. නමුත් මෙයට විරුද්ධව එයට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවට විශ්වාස කරන අප රටේ විද්වතුන් රාශියක් සිටියි. රාජ් සෝමදේව, කලාශුරි අරිසෙන් අහුබුදු වැනි විද්වතුන් මේ පිලිබඳ බෝහෝ කරුණු සොයා යමින් සිටියි.
ලංකා ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ නොවිසදුණු ප්‍රධාන ගැටළු සහගත ඉතිහාස පුවතකි රාවණා කතාව. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් ගෙනහැර දක්වන්නේ රාමායනය මහා කාව්‍යයේය. එයද එලෙස දක්වා ඇතත් සිංහලයන් සහ ලාංකිකයන් ලෙස අපට එමගින් වැදි ඇති පහර සුලු ප‍ටු නොවෙයි. මක්නිසාදයත් රවණා රජු ස්ත්‍රින් පැහැර ගන්නා රාක්ෂයෙක් ලෙස එමගින් හුවා දක්වා ඇති නිසාය.
අප දැන් බලමු ලංකාවේ එම අවදියේ සිටි මිනිසුන් කවරහුද කියා. ප්‍රධාන වශයෙන් ඔවුන් රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ලෙස ග්‍රෝත්‍ර 4 ක් ලංකාවේ ජිවත්වි ඇත. එමනිසා එකල ලංකාවට සිව් හෙලය යන නමද භාවිතා වි ඇත. රාමායනයට අනුව අප රටේ ජිවත්වි ඇත්තේ රකුසන්, යකුන්, නාගයන් ලෙස දක්වා ඔවුන් සතුන් සහ භුතයන් ලෙස විකෘති කර ඇත. නමුත් වර්තමානයේද පවතින කුල ග්‍රෝත්‍ර භේදය සලකා මෙසේ වර්ග 4 කට බෙදා වෙන්කල බව අපට සිටිය හැක.
උදාහරණයක් ලෙස වර්ථමානයේද ජාති වශයෙන් පවතින බෙදිම සලකා බැලිය හැක එනම්. සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් ලෙසය. එම අවදියෙදි මෙසේ යක්ෂ, රාක්ෂ, දේව සහ නාග ලෙස බෙදා සිටි බව අපට සිතිය නොහැකිද????? මොවුනුත් සාමාන්‍ය මිනිසුන් නොවුනාද?????
මේ ගැන හොඳ පසුබිමක් හදාගන්න අපි දැන් බලමු මෙම රාක්ෂ, යක්ෂ, නාග, හා දේව ග්‍රෝත්‍ර ගැන…….
* රාක්ෂ ග්‍රෝත්‍රය
මොවුන්ගේ ලාංජන වශයෙන් ස්වස්තිකය හා මකරා යොදා ගෙන තිබේ. හිරු දෙවියන් ඇදහු ජනකොටස කළු ගගෙන් උතුරේද, චන්ද්‍ර වංශය ඇදහු ජනකොටස කළු ගගෙන් පහලද ජිවත්වු බවට ඉතිහාසය සාක්ෂි දරයි.
තවද ලංකාවේ නැතහොත් හෙලයේ සිටි ප්‍රබලම රාක්ෂ ග්‍රෝත්‍රික රජු ලෙස රාවණා රජු සැලකේ.
* නාග ග්‍රෝත්‍රය
මොවුන්ගේ ලාංජනය වශයෙන් මාළුවා යොදා ගෙන තිබේ. මොවුන් ප්‍රධාන වශයෙන් නාවික කටයුතු මෙහෙයවු පිරිසක් විය. ලංකාවේදි ප්‍රධාන වශයෙන් නාග ග්‍රොත්‍රිකයන් ගේ ප්‍රදේශයක් වශයෙන් කැලණිය ප්‍රදේශය. අපට සැලකිය හැක. මෙහිදි නාග ග්‍රෝත්‍රයට සම්බන්ධ රජ කෙනෙක් ලෙස ,රාවණා රජු ගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ග්‍රෝත්‍රික වන විභිෂණ රජු සැලකිය හැක. මෙසේ නාග ග්‍රෝත්‍රිකයන් ලංකාවේ බටහිරදිග ගොඩනගා තිබු නාග රාජධානිය ක්‍රි.පු 250 දි පමණ ඇතිවු මුහුද ගොඩ ගැලිමකින් විනාශ වී ඇත. මන්නාරම හා තුත්තුකුඩිය අතර පට්‍ටුනාගම් නගර ලක්ශයක්, ධිවර ගම්මාන 970 හා තවත් ගම්මාන 400 ක් විනාශ වී ඇත. ඉතිරි වුයේ ඉන් 1/12 කි.
* යක්ෂ ග්‍රෝත්‍රය
මොවුන්ගේ ලාංජනය වශයෙන් පද්මය හා කෙටේරිය භාවිතා වී ඇත. යක්ෂ ග්‍රෝත්‍රය ලංකා ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගත් ග්‍රෝත්‍රයකි. බොහෝ දුරට සලකන පරිදි යක්ෂ ග්‍රෝත්‍රිකයන්ට මාතෘ මුලික සමාජ ක්‍රමයක් තිබි ඇත.
* දේව ග්‍රෝත්‍රය
මොවුන්ගේ ලංජනය වශයෙන් පුන්කලස භාවිතා වී ඇත. දේව ග්‍රෝත්‍රිකයන් ප්‍රධාන වශයෙන් ලංකාවේ කදුකර ප්‍රදේශවල ජිවත් වී ඇති බවට සිතිය හැක. මොවුන්ගේ ප්‍රධාන පුද්ගලයකි සුමන සමන් දෙවියන්.

බුදු සමය හා අසුරයෝ...

 අසුරයන් පිළිබඳව අපට පැරණි ඉන්දීය දේව කථාවලත් බෞද්ධ සූත්‍ර ධර්ම සමහරක හා ජාතක කථා කීපයකත් තොරතුරු දක්නට ලැබේ. මේ අතර අසුර නමැති ඓතිහාසික මිනිස් කණ්ඩායමක් පිළිබඳව යුප්‍රටීස් ගඟ බඩ පිහිටි පැරණි රටවලින් අපට අසන්නට ලැබේ. වර්තමාන ඉරාක රාජ්‍යය ලෙස සැලකෙන පැරණි ඇසිරියාව යන රට ක්‍රි.පූර්ව අවුරුදු 3000 ක පමණ කාලයක දියුණුව තිබූ රටක් ලෙස සලකනු ලැබේ. සැල් මෙහෙසර් නමැති ඇසිරියානු අධිරාජයා ක්‍රි.පූර්ව 835 පමණේ දී මීඩියන් හා පර්සියන් ජාතිකයන් පරාජය කොට ඔවුන්ගෙන් කප්පම් ගත් බව සඳහන් වේ. එසමයෙහි ඇසිරියන්වරු අසුරයන් හැටියටත් මීඩියන් හා පර්සියන් ජාතීන් සුරයන් හැටියටත් සලකන ලද බව පෙනේ. 

ශත වර්ෂ දෙකක් පමණ අසුරයන් යටතේ සිටි මීඩියන්වරු හෙවත් සුරයෝ අසුර රාජ්‍යයෙ අක්‍රමණය කළහ. එහෙත් එවක එහි සිටි අසුර් බනිපාල් නමැති ඇසිරියන් රජතුමා සුරන් පලවා හැරියේය. දෙවෙනි වතාවේ සංවිධානව පැමිණි මිඩියන්වරු හා පර්සියන්වරු අති බිහිසුණු සටනක් කොට අසුරයන් පරදවා ලූහ. මෙකල පර්සියානු අධිරාජ්‍යයේ සිටි මහා සයිරස් රජතුමා (ක්‍රි.පූ. 585 - 526 ) ඔහුගේ පර්සියානු අධිරාජ්‍යයට මීඩියාව, අයෝනියාව, ලිබියාව, මෙසපොටේමියාව, සිරියාව හා පලස්තීනය ඇතුළත් කර ගත්තේය. පර්සියන් වරු, රූමත් පිරිසක් වූ අතර ඇසිරියන්වරු නිර්භීත වීරෝදාර පිරිසක් වූ බවද කියනු ලැබේ. පුරාතනයන් විසින් දේවත්වයට නංවන ලද සුර අසුර සංග්‍රාමයේ තොරතුරු පසුකාලීන භාරත සාහිත්‍යයේ දක්නට ලැබෙන බව පැහැදිලිය. වරක් වේද සාහිත්‍යයේ එන ‘බලී’ නමැති අසුරයා, භුවනත්‍රයම ජය ගැනීමට රිසි වී දෙව් ලොවට ගොස් ඉන්ද්‍රයා පරදවා අධීශ්වරත්වය ලබා ගත්තේය.

 එවිට ඉන්ද්‍රයා විෂ්ණුගේ පිහිට සොයා ගියේය. ඉක්බිති විෂ්ණු වාමන රූපයක් මවාගෙන බලී අසුරයා වෙත ගොස් තමන්ට පදිංචි වීමට සුදුසු තැනක් ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියේය. “ඔබට මේ සඳහා කොතරම් ඉඩක් අවශ්‍යදැ”යි බලී ඇසු විට “ මට පියවර තුනක් තබන්නට හැකි ඉඩ කොටසක් දුන මැනව“ යි වාමනයා කියා සිටියේය . “ එසේ නම් එය ගනුවයි “ අසුරයා අණ කළේය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිතූ විෂ්ණු, නාරායන නම් වෙසක් මවාගෙන, එක් පියවරක් දෙව්ලොව ද අනෙක් පියවර පොළොවෙහිද, තුන්වෙනි පියවර බලීගේ් හිස මතද තබමින් ඔහු පාතාලයට තල්ලු කර දැම්මේය මෙන්න මහා භාරතයේ එන තවත් කථාවක්. සුරයන්ගේ සතුරන් වු අසුරයන්ගෙන් සුරයන්ට නිතර උපද්‍රව පැමිණෙන්නට විය. එවිට සුරයන්ගේ නායකයා වූ විෂ්ණු අසුරයන් පරාජය කිරීම සදහා කිරිමුහුද කලඹන ලද්දේය. 

කිරිමුහදු කලඹන ලද්දේ මහමේරු පර්වතය පත්ලේ තිබූ අමෘතය ලබාගෙන එය බී අජරාමර වීම සදහාය. විෂ්ණු කිරි මුහුද කළඹන ලද්දේ වාසුකී නාගරාජයාගේ උදව්වෙනි. වාසුකී නාග රාජයාගේ දරණ පටින් මහමේරු පර්වතය වටලා බැඳගෙන ඔහුගේ හිස පැත්ත අසුරයන්ටත්, වල්ගය සුරයන්ටත් ලැබෙනසේ අල්වා ගන්නට සලස්වා කිරිමුහුඳ කැළඹීමට සැලැස්වීය. මේ සටනේදි නාගයාගේ විෂ ධූමයෙන් අසුරයන් මරණයට පත්ව පරාජය වු බව කියනු ලැබේ.මෙහිදී කිරි මුහුදෙන් මතුවූ අමෘතය බී සුරයෝ අජරාමර වූහ. කිරිමුහුදෙන් මතු වූ වස්තු 14 න් එකක වු ලක්‍ෂ්මිය විෂ්ණුගේ බිරිඳ බවටද පත් වුවාය. එක්තරා ජාතක කථාවක සුරයන්ගේ ආරම්භය දැක්වෙන්නේ මෙසේය. පෙර දඹදිව මචල නම් ග්‍රාමයේ , මාර්ග ,පැන් පොකුණු ගොඩනැගිලි ආදිය සාදමින්,, අඹුදරුවන් සමඟ පින් දහම් කළ මඝ නමැති මානවකයා ඉන් චුතව ගොස් දෙව්ලොව ශක්‍ර දේවේන්ද්‍රයාව උපත ලද බව කුලාවක ජාතකයෙහි සඳහන් වයි. මචල ග්‍රාමයේදි ඔහුට උදව් කළ දෙතිසක් මිනිස්සු හා ඔහුගේ බිසෝවරුද තව්තිසා දෙව්ලොවම උපත් ලද්දෝය. පෙර තව්තිසා දෙව්ලොව වාසය කළෝ අසුරයෝය.

 ‘අලුත් පිරිසක් දෙව්ලොවට පැමිණ ඇතැයි සැලකූ අසුරයෝ ඔවුන් පිළිගැනීමට දිව්‍ය සුරාවක් පිළියෙල කළහ. තමන්ගේ පිරිස දිව්‍ය සුරාව පානය කිරීමෙන් වැළැක්වු සක්දෙව් තෙම දිව්‍ය සුරාව අසුරයන්ටම පොවා, ඔවුන් මත් වූකල, දෙකකුලෙන් ගෙන ඔවුන් මහමෙර පත්ලට යැවූ බව කියනු ලැබේ. “ මහණෙනි, ඉස්සර කාලෙදී සුරයන් හා අසුරයන් අතර යුද්ධයක් ඇතිවුණා. ඒ යුද්ධයේ දී ශක්‍ර දේවේන්ද්‍රයා තව්තිසා දෙව්ලොව වැසියන්ට කතා කරලා මෙහෙම කියනවා. ‘නිදුක්වරුනි යුද්ධයට ගිය දෙවියන්ට බියක්, තැති ගැනීමක් හෝ ලොමු දැහැගැනීමක් ඇතිවුවහොත් නුඹලා මගේ කොඩිය දෙස බලන්න. එවිට ඒ බිය, තැති ගැනීම හෝ ලොමු දැහැගනීම පහව යනවා. ඉතින් මගේ කොඩිය දෙස බලන්නේ නැත්තං ප්‍රජාපති දෙව් රජුගෙ කොඩිය දෙස බලන්න. එවිට ඒ බිය තැතිගැනීම හෝ ලොමු දැහැගැනීම පහව යනව. එහෙමත් නැත්තං වරුණ දෙව්රජගෙ කොඩිය දෙස බලන්න. එවිට ඒ බිය, තැතිගැනීම හා ලොමු දැහැගැනීම පහව යනවා. එහෙමත් නැත්නම් ඊසාන දෙව්රජුුගෙ කොඩිය දෙස බලන්න.

 එවිට ද ඒ බිය, තැතිගැනීම හා ලොමුදැහැ ගැනීම පහව යනව. මහණෙනි, ඒ සක්දෙවිඳුගේ කොඩිය බලන අයටත්, ප්‍රජාපතී දෙවිඳුගේ කොඩිය බලන අයටත්, වරුණ දෙව්රජුගෙ කොඩිය බලන අයටත් ඊශාන දෙවිඳුගෙ කොඩිය බලන අයටත් ඇතිවන බිය, තැතිගැනීම හා ලොමු දැහැ ගැනීම පහව යන්නේ ද? පහව යන්නේ නැත. මහණෙනි ඊට හේතුව කුමක්ද? මහණෙනි, සක්දෙවිඳුගේ කොඩිය බලන අයත්, ප්‍රජාපති දෙවිඳුගේ කොඩිය බලන අයත්, වරුණ දෙව්රජුගේ කොඩිය බලන අයත් ඊසාන දෙවියන්ගේ කොඩිය බලන අයත් රාගය පහනොවූ, ද්වේෂය පහනොවූ , හා මෝහය පහනොවු අයයි. එබැවින් ඔවුන්ගේ බිය, තැතිගැනීම හා ලොමු දැහැගැනීම පහවයන්නේ නෑ. මහණෙනි, මමත් මෙහෙම කියමි. කැලේකට හෝ රුක්මුලකට හෝ පාළුගෙයකට හෝ ගිය ඔබලාටත් බියක් , තැතිගැනීමක් හා ලොමු දැහැගැනීමක් ඇතිවුවහොත්, ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්ය.

 සම්මා සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුුරිසදම්ම සාරථීය ,දෙව් මිනිසුන්ට ගුරුය. කියා මා සිහි කරන්න. එවිට ඔබලාගේ බිය, තැතිගැන්ම, හා ලොමු දැහැගැනීම පහව යනවා. එසේ පහව යන්නේ තථාගතයන් වහන්සේත් ධර්මයත්, සංඝයාත් වීතරාග, වීතදෝස හා වීතමොහ නිසාය. මහණෙනි, මෙසේ බුදුන් , දහම් , සඟුන් සිහි කරන්නාට බියක් තැති ගැනීමක් හා ලොමු දැහැගැනීමක් සිදුවන්නේ නැහැ. මෙහිදි බුදුරජාණන් වහන්සේ කරන්නේ ධජග්ග සූත්‍රයේ සඳහන් දෙය උදාහරණයක් වශයෙන් ගෙන භික්‍ෂූන් වහන්සේට පාඩමක් ඉගැන්වීමයි. සුර අසුර යුද්ධය පිළිබඳ තවත් පුවතක් සුභාසිත ජය සූත්‍රයේ (සක්ක සංයුත්තයේ) මෙසේ සඳහන් වෙයි. 

පෙර සුර අසුර යුද්ධයක් පැවැත්තේය. එහිදි වේපචිත්ති අසුරිඳු ‘සක් දෙවිඳුනි, සුභාෂිතයෙන් ඔබට ජයවේවා’යි කීය. සක්දෙවිඳුද ‘සුභාෂිතයෙන් ඔබට ජයවේවා’යි පැතීය. දෙදෙනාගේ තරග විනිශ්චය සඳහා සුර අසුර දෙගොල්ලම එකතුව විනිශ්චය මණ්ඩලයක් සාදා ගත්හ. ඉක්බිති වේපචිත්තා අසුරිඳු ‘ සක්දෙවිඳුනි ‘ ගාථාවක් කියන්නැයි කීය. ඔබලා පැරණි අය නිසා ඔබ ගාථාවක් කියන්නැ’යි සක්දෙවිඳු කීය. එවිට වේපචිත්ති මේ තේරුම් ඇති ගාථාව කීය. “ වළක්වන්නකු නැත්නම් මෝඩයෝ බෙහෙවින් වැනසෙති. එබැවින් දැඩි දඬුවම් දී මෝඩයා වළක්වා ගත යුතුය “ වේපචිත්තිගේ මේ කියමන අසුරයෝ පිළිගත්හ. දෙවියෝ නිහඬ වූහ. අනතුරුව වේපචිත්ති සක්දෙවිඳුට ගාථාවක් කියන්නැයි කීය. එවිට සක් දෙවිඳු “ කිපුණ සතුරා දැක යමෙක් සිහිකල්පනාවෙන් සන්සුන්වෙයි නම්, එම සන්සිඳීම ම සතුරා වැළකීම යයි කියමියි කීය. ශක්‍රයාගේ කියමන දෙවියෝ පිළිගත්හ. 

 අසුරයෝ නිහඬ වූහ. ....මේ අන්ඳමින් වාදය තවත් දිගට පැවැත්තේය. අවසානයේදී විනිශ්චය මණ්ඩලය මෙබඳු තීරණයක් කළහ. “වේපචිත්තිගේ ගාථා කලහ කිරීම සඳහාය. ඒවා හිංසාවෙන් පිරී ඇත. ශක්‍රයාගේ ගාථා කලහ නොකිරීම සදහාය, ඒවා දඬුවමින් තොරය, එබැවින් සක්දෙවිඳුට සුභාෂිතයෙන් ජය අත්විය “ යනුවෙනි. අපේ මාතෘකාව වූයේ අසුර අපාය පව් පල දෙන තැනැක් දැයි සොයා බැලීමය.අසුරයන් යනු දේවත්වයට නැගුණු කල්පිත චරිත කොට්ඨාශයක් බව ඉහත සඳහන් තොරතුරු වලින්ද ඔබට අවබෝධ වන්නට ඇතැයි සිතමි. එබැවින් පව් පලදීම සිදුවන්නේ මිනිස් අපාය තිරිසන් අපාය හා පේ‍්‍රත අපායේදී බව අපට නිගමනය කළ හැකිය.

මහාවංශයේ පිටු අතුරුදන් කළේ "සාක්‍ෂි නැති මරණයක්‌" පෙන්වීමටද?

ලන්ඩන්හි යටත් විජිත භාර මහලේකම් කාර්යාලයෙන් ඒ ඒ රටේ තම යටත් විජිත ලේකම්වරුන්ට දැනුම් දී තිබූ කරුණක්‌ වූයේ එම රටවල ඉතිහාසය සොයා බලා සංග්‍රහ කිරීමටය. ඉන් බොහෝ කලකට පසු 1912 දී එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් විසින් ශ්‍රී ලංකාවේ සංක්‍ෂිප්ත ඉතිහාසය ග්‍රන්ථයක්‌ ලෙස සම්පාදනය කළේය. පුරාණ යුගය සම්බන්ධ එහි මූලාශ්‍ර වූයේ මහාවංශය ඇතුළු වංශ කතාවන්ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් දවස පාළි මහාවංශයේ තුන්වැනි කොටස ලිවීමේදී එහි තිබුණා වූ 40 වැනි පරිඡේදය 19 සියවස අග භාගයේදී අතුරුදන් වී ඇති බව දක්‌නා ලැබිණි. අදත් එය එසේමය. කාශ්‍යප රජු යුදයෙන් පරදවා මුගලන් රජ වූ පසු තොරතුරු 40 පරිච්ඡේදයේ විය. සීගිරිය ගැනත් රාවණ රජු ගැනත් එහි විස්‌තර අඩංගු වූ බව ඊට යොමුවදී ඇති වෙනත් ග්‍රන්ථවලින් පැහැදිලිය.


රාවණ මරණය දැක්‌වෙන ෆර්නාඩ් ඈන් ප්‍රියන්තේ
කොර්මන් (1875) විසින් අඳින ලද සිතුවම.

රාවණ ඓතිහාසික චරිතයක්‌ නොවන බව කියන ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් අතරට එකතුවීමට කැමැත්තක්‌ දක්‌වන ලලීන්ද්‍ර සන්නස්‌ගම නමැති ලේඛකයා නැගී සිටින දුර්වල පදනම ඔහුට අවබෝධ කරවන අතරම සුද්දා අනුව ගිය ඉතිහාසය හදාරන්නන්ද දැන ගතයුතු කරුණු බොහෝය.

ලංකා ඉතිහාසය ගොඩනැංවීමේ ශුද්ධ වූ අයිතිය අද හිමිවන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට හා රාජකීය ආසියාතික සංගමයටය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල යනු එංගලන්ත විශ්වවිද්‍යාල ආකෘතිය මත පිහිටි බටහිර දැනුම බෙදාදෙන විද්‍යාස්‌ථානයන්ය. මත ගැටුමක්‌ සමාජය තුළ උග්‍ර වූවොත් එය අවසාන වශයෙන් විසඳිය යුත්තේ අධිකරණයෙනි. අධිකරණය යනු ඉංගිලිසි නීතිය අනුව විනිශ්චය කරන ස්‌ථානයයි. කැඳවන්නේ විශේෂඥ සාක්‍ෂින්ය. විශේෂඥ සාක්‍ෂි යනු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ය. රූපවාහිනි විකට ශිල්පීන් තිදෙනාගේ "ඌ මට ගහනවෘ මට ඌ ගහනව" විචිත්‍රාංගය මෙහිදී සිහියට නැගේ. සන්නස්‌ගම මහතාගේ පදනම දුර්වල වුවත් ඔහුගේ සුරක්‍ෂිත බව ප්‍රබලය. කොඩ්රිංටන් - පරණවිතාන (අදෘශ්‍යමාන) ගුරුකුලය තවමත් ලංකාවේ ජයග්‍රාහීව සිටීම ඊට හේතුවය.

බ්‍රිතාන්‍ය ගුරුකුලයට වැරදුන තැනකින් පටන්ගැනීම සුදුසුයෑයි සිතමි. මහාවංශය ලංකා ඉතිහාසය ලෙස සැලකූ සුද්දා රාවණ රජු හුදු මිථ්‍යාවක්‌ ලෙස බැහැර කළේය. මහාවංශයේ 40 පරිච්ඡේදය අතුරුදන් වූයේ සාක්‍ෂි නැති මරණයක්‌ පෙන්වීම සඳහා විය හැක. නමුත් කාශ්මීර ඉතිහාසය ලිවීමේදී බ්‍රිතාන්‍යයන් කල්හාතගේ රාජතරංගනිය (කාශ්මීර රාජාවලිය දැක්‌වෙන ග්‍රන්ථය) අනුව යමින් ක්‍රි.පු. 1149 දී රාජ්‍යත්වයට පැමිණි "විභීෂණ" ගෙන් ඉතිහාසය ලිවීම ඇරඹීය. මේ වෙනත් විභීෂණයකු නොව රාමායනයේ දැක්‌වෙන රාවණගේ සොහොයුරු විභීෂණමය. ඔහුගෙන් පසු ක්‍රි.පු. 1095 දී ඉන්ද්‍රජිත් (මියගිය බව රාමායණයේ සඳහන් රාවණාගේ පුත්‍රයා) රජවිය. ක්‍රි.පු. 1060 දී දෙවැනි රාවණ රජවිය. අනතුරුව ක්‍රි.පු. 1030 දී දෙවැනි විභීෂණ රජවිය. මෙම ලැයිස්‌තුව රාජතරංගනිය කියවා හෝ කාශ්මීර ඉතිහාස පොත කියවා දත හැකිය.

ත්‍රිපිටකයට අයත් නොවන මහායාන සූත්‍රයක්‌ වන "ලංකාවතාර සූත්‍රය" මලයකූටයේ සිටි රාවණ පරපුරේ පාලකයාට බුදුන් විසින් (නමක්‌ සඳහන් නොවේ) දේශනා කරන ලද බව එම සූත්‍රයේ සඳහන්ය. එපමණක්‌ නොව දෙදහස්‌ පන්සිය වසරකට පසු ලෝක නායකයෙකු (දියනා) ලංකාවෙන් බිහිවන බවද එහි අන්තර්ගතය. පැරකුම්බා සිරිත ලියූ කවියා ප්‍රාර්ථනා කරන්නේ ඒ කෝට්‌ටේ හයවැනි පැරකුම්බා රජුම වේවා යනුවෙනි (පැරකුම්බා සිරිත 9 කවිය - කියන මගිය කොහි සිට එනු දද සමනොල ගොසිනා... ආදී) මේ සමග දැනට වසර කිහිපයක සිට රාවණ රජු ගැන උද්යෝගයක්‌, භක්‌තියෙන් යුතුව සැලකීමත් හා සමාජ හඬක්‌ ඇතිවී තිබීම අධ්‍යයනය කළ යුතුය.

මිනිසාගේ ඇස, කණ, නාසය ආදී වූ පසිඳුරන්ට අවබෝධ කළ නොහැකි දේ බොහෝය. ලොව 80% ක්‌ පසිඳුරන් මගින් තේරුම් ගත නොහැකි බව කියනු ලැබේ. ලලීන්ද්‍ර සන්නස්‌ගම මහතාද මෙබඳු මනුෂ්‍යයෙකු විය යුතුය.

ඔහුq ඉදිරිපත් කරන කරුණු හා තර්ක කොටස්‌ 3 ට වර්ග කළ හැක. 1. වැරදි හඳුනා ගැනීම්, 2. මනඃකල්පිත අදහස්‌, 3. කරුණු හා තර්ක.

වැරදි හඳුනා ගැනීම්

1. බෞද්ධ ශිෂ්ටාචාරය(- ශිෂ්ටාචාරය යනු මිනිසා විසින් තමා අවට ඇති සම්පත් හා ස්‌වාභාවික වස්‌තූන් තමාට කැමැති ලෙස ප්‍රයෝජනයට ගනිමින් අවශ්‍යතා සපුරා ගැනීමේ සම්පූර්ණ ක්‍රියාදාමය හඳුන්වන වචනයයි. බුදුන් වහන්සේ විසින් භූමි පරිභෝජනය, බිම් සැකසීම, බීජ තෝරාගැනීම, වැපිරීම, ජල සම්පාදනය, අස්‌වැන්න නෙළීම ආදී වූ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන ධර්ම දේශනාකර නැත. කර්මාන්ත හෝ ප්‍රවාහනය ගැනද නැත. සංස්‌කෘතිය යනු මිනිසුන්ට පමණක්‌ සීමාවන සිතීම්, වචන හා ක්‍රියාවලීන් ඇසුරින් ඇතිවන සමානත්වය දැක්‌වීම සඳහා යෙදෙන වචනයයි. භාෂාව, ආගම, නැටුම්, ගීත වාදන, චිත්‍ර, මූර්ති, සාහිත්‍ය, සිරිත්, හැසිරීම් විධි යනාදී දේ ඒ යටතට එයි. මේ අනුව බෞද්ධ ශිෂ්ඨාචාරයක්‌ නොව බෞද්ධ සංස්‌කෘතියක්‌ ඇත.

2. ආර්ය ජනයා(- මැක්‌ස්‌මුලර්ගේ ආර්ය වර්ගීකරණයට අනුව ආර්ය හා අනාර්ය ජනතාවන් ඇතද, ඇත්තේ ආර්ය භාෂා පමණි. මේ වේදයේ ඇති ආර්ය නමැති වචනය වරදවා වටහා ගැනීමකි. අර්යය ඉන්දියාවේ වයඹ දිග කපොළු වලින් පන්ජාබයට ඇතුළුවීම යනු 1990 න් පමණ පසු නිෂේධ වූ මතයකි. උතුරු දිග ශීතල ප්‍රදේශවල සිට දකුණෙහි උණුසුම් ඉරානයට අවුත් එහි නතර වූ ජනයා ඉන්දු-ඉරානියන් ලෙසද, බටහිරට ගිය අය ඉන්දු-යුරෝපීය ලෙසද, නැගෙනහිර ගමන් කළ අය ඉන්දු ආර්ය ලෙසද කරන හැඳින්වීම නිවැරදි වන අතර මෙම එඬේරුන් ඉරානයට ආවේ කොකේසස්‌ කඳුකරයෙන් බව කීමද නිවැරදිය. ඔවුන් කොකේසස්‌ කඳුකරයේ ඕපපාතිකව පහළවූවා නොව හෙළදිව සිට හිරත්යක්‌ රජු ගොස්‌ එහි ජනවාස පිහිටුවීම කළ බව දැන් සොයාගෙන ඇත.

3. රාමායණය සනාථ කිරීම හා රාවණා සනාථ කිරීම(- රාමායණය ප්‍රබන්ධ කරන ලද මහා කාව්‍යයකි. එබැවින් ඓතිහාසික ලෙස එය සනාථ කළ නොහැක. නමුත් රාවණ ඓතිහාසික නිසා ඔහු මනුෂ්‍යයෙක්‌ බව සනාථ කළ හැක. රාමා, සීතා, හනුමන් මිථ්‍යා ප්‍රබන්ධ වීම හේතුවෙන් රාවණා මිථ්‍යාවක්‌ වීම සිදු නොවේ. ඓතිහාසික පුද්ගලයන් (දුටුගැමුණු, කාශ්‍යප, සිද්ධාර්ථ) මුල්කර නවකතා ලිවීම දැනුදු කෙරේ.

කල්පිත අදහස්‌

1. අමුවාචාරීන් මිෂනාරින් ගණයට දැමීම(- මිෂනාරි යනු ඉංගිලිසි වචනයකි. පණිවිඩයක්‌ (මිෂන්) රැගෙන යන්නා යනු එහි අර්ථයයි. අටුවාචාරින් වහන්සේලා විසින් කළේ ගුඹුරු වූ දහම සාමාන්‍ය ජනතාව සඳහා ජීවන අත්දැකීම් මිශ්‍රිත කතාන්තර බවට හරවා ලියා එය ජනතාවට සන්නිවේදනය කිරීමයි. මහින්ද තෙරුන් ධර්මදූත මෙහෙවරක යෙදුන (මිෂනාරි) දූතයෙකි. එපමණක්‌ නොව බුදුන් වහන්සේද මුළු උතුරු ඉන්දියාව පුරා දහම් බෙරය වයා ජනතාවට දහම් පණිවිඩය දුනි. මිෂනාරි යන වචනය මිෂන් (දූත මෙහෙවර) සඳහා යෙදෙන ඕනෑම අයෙකුට භාවිත කළ හැක. ඉංගිලිසි වචන පාවිච්චි කිරීමේදී එම භාෂාව දැනගැනීම අත්‍යවශ්‍යය.

2. ඇමෙරිකානු වහල් භාවය(- කොඩ්රිංටන් - පරණවිතාන ගුරුකුලය ඉංගිලිසි මානසික වහල් බව තුළ ගැලී සිටින නිසා ඊට පටහැනි මත පළකිරීම ඇමෙරිකානු මානසික වහල්බව යයි සිතීම මුලාවකි. "අත්තානං උපමං කත්වා....." යනු හැමවිටම සුදුසු උපදේශයක්‌ නොවේ.

3. සාක්‍ෂි නැතිවිට එසේ නොවේයයි කීම(- රාවණ රජු සනාථ කිරීමට පුරාවිද්‍යා සාක්‍ෂි නැතිබව සන්නස්‌ගම මහතා පුන පුනා පවසයි, අතීතයේ සිට මහනුවර යුගය දක්‌වාම සාමාන්‍ය සිංහල රටවැසියන්ගේ ඇඳුම, නිවාසය සැදීම, ආහාර සැකසීම කෙසේදැයි දැනගැනීමට සාක්‍ෂි නැත. මේ අනුව සිංහලයා ඉතිහාසය පුරා නිර්වස්‌ත්‍රව හා එළිමහනේ ගස්‌යට ජීවත් වූ බව කීමටද ඔහු පෙළඹෙනු ඇත.

4. රාවණ බුදු දහමට අනුග්‍රහ දැක්‌වීම(- රාවණ රජු බුදු දහමට අනුග්‍රහ දැක්‌වූ අයෙකු නොවන අතර මා එබඳු ප්‍රකාශයක්‌ කර නැත. එවැන්නක්‌ රාමායණයේද නැති නිසා එබඳු අදහසක්‌ ප්‍රකාශ කළ නොහැක. මේ ලංකාවතාර සූත්‍රය ඇසුරින් ආ ලියුම්කරුගේ මනෝ නිර්මාණයකි.

කරුණු හා තර්ක

1. ඉලියිඩ් හා ඔඩිසි වීරකතා රාමායණයට හා මහ භාරතයට සමානවීම(-

මෙම සාධකය සන්නස්‌ගම මහතා දකින්නේ එකම මුල් භූමියක සිට දෙපයට විහිදී යාම නිසා ඇතිවූවක්‌ ලෙසටය. ඇතැම් විට එසේ වන්නටද පුළුවන. නමුත් ඊට වඩා ප්‍රබල හේතු දැක්‌විය හැක. දකුණු අමෙරිකානු ඇමසන්හි වනචාරියාද, අප්‍රිකාවේ කොංගෝහි වනචාරියාද, නැගෙනහිර ඉන්දීය දූපත්වල වනචාරියාද ශ්‍රී ලංකාවේ වැද්දාද සමාන පැවතුම් ඇති අය වෙති. ඒ ඔවුන් එකම මුල් භූමියක වාසය කළ නිසා නොව ඔවුන්ගේ ප්‍රාථමික ජීවිතය නිසාය. එමෙන්ම බටහිර හා නැගෙනහිර ඉහත සඳහන් යුද්ධය මුල්කරගත් වීර කතා යනු දඩයම් ජීවිතයට වඩා දියුණු එඬේර දිවියේ අගයන්ය. තණබිම් කොල්ලකමින්, සතුන් පැහැරගනිමින්, යටත්වූවන් වහල්කමට ගනිමින් සංචාරය කරන එඬේරාට වීරත්වය එන්නේ යුද්ධය හරහාය. භාරතයේ එදත් අදත් ඇත්තේ එඬේර ශිෂ්ටාචාරයකි. එඬේර සංස්‌කෘතියකි. නමුත් ඔහු මස්‌ බුදින එඬේරා නොව කිරි බොන (පස්‌ගෝරස) එඬේරාය. එබැවින් යුරෝපයේ මස්‌ බුදින එඬේරාගේ අගයත් කිරිබොන එඬේරාටද පොදුය.

2. මැක්‌ස්‌මුලර්ගේ "ආර්ය න්‍යාය" නිවැරදි ඉතිහාසයයි. ආර්යයෝ ග්‍රීසියට හා ඉන්දියාවට සංක්‍රමණයවීමට පෙර එකම ජනතාවක්‌ ලෙස උතුරු සුළු ආසියානු ප්‍රදේශයක ජීවත්වූහ.

මෙහි "සුළු ආසියානු ප්‍රදේශයක" ආර්යයන් මුලින් එකට ජීවත් වී පසුව දෙපසට බෙදීයාම යනුවෙන් අඩමානයට කීම අත්‍යවශ්‍යය. උතුරු සුළු ආසියානු ප්‍රදේශ නැතිවා මෙන්ම දෙපසට බෙදීයැමට පෙර එකට ජීවත් වූ ප්‍රදේශය ලෙසින් ආර්ය න්‍යාය විසින් හඳුනාගත්තේ ඉරානයයි. අප පාසැල් යන අවදියේ පවා තුර්කිය හැඳින්වූයේ "සුළු ආසියාව" යන ගර්හිත නමින්ය. උතුරු සුළු ආසියාව යනු ආසියාවේ උතුරේ සුළු ප්‍රදේශයක්‌ ලෙස සන්නස්‌ගම සලකා ඇති බව පෙනේ.

3. උතුරු සුළු ආසියානු ප්‍රදේශයක වූ එම මාතෘ ආර්ය භූමියේදී ගෙතූ වීරකතා දෙකකින් රාමායණය හා මහාභාරතය සකස්‌ කරගෙන ඇත.

19 සියවස අග හා 20 සියවස මුල බ්‍රිතාන්‍ය සිවිල් සේවක ඉතිහාසඥයන්ගේ දැනුම අප විසින් තවමත් කරතබාගෙන සිටීම සංවේගයට හේතුවකි. 1970 න් පසු ගවේෂණයෙහි යෙදුන ඇමෙරිකන් ප්‍රමුඛ ජර්මන් හා වෙනත් තරුණ යුරෝපීය මානව විද්‍යාඥයන්, ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් විසින් අනාවරණය කරගත් කරුණු ශ්‍රී ලංකාවේ අපට අදත් දැනගැනීමට ලැබී නැත. "ඇමෙරිකන් මානසික වහල්බව" යනුවෙන් පරිභව කිරීම නිසා මෙම පර්යේෂණ ප්‍රතිඵලවල අඩුවක්‌ සිදු නොවේ. අධ්‍යාපනය හ ජනමාධ්‍යය මෙම තොරතුරු වසන්කර තිබේ.

4. හෙළ-ඇසුර නමැති ලංකාව කේන්ද්‍ර කරගත් මහා අධිරාජ්‍යයක තොරතුරු වසන් කළ පිරිසක්‌ ලෙස මෙරට වංශකතාකරුවන් හා මහාවිහාර සාහිත්‍යකරුවන් හඳුන්වා දී ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරුන් වෛරයට ලක්‌ කරවීම ගුණසේකර මහතාගේ ව්‍යාපෘතියයි.

ඉතා අලංකාර දේශපාලන වේදිකා වාංමාලාවක්‌ පාවිච්චි කළද මහා විහාරයද මහසෙන් රජු මෙන්ම බොහෝ වූ පින්ද බොහෝ වූ පව්ද කර තිබීම සත්‍යයකි. හෙළ නමැති වචනය මකා එහි සංස්‌කෘත පරිවර්තනය වන "සිංහල" නාමය ජාතියට භාවිත කිරීම සිදුවිය. ඉතිහාසය සඟවා විජයාගමනයෙන් මෙරට ජනාවාස වූ බව කීම මහාවිහාර සම්ප්‍රදාය විය. තායිලන්ත මූලාශ්‍රවල කියෑවෙන පරිදි හෙළ බසින් කියවුන පුස්‌කොල පොත් ඇතුන් සත් දෙනෙකු උසට ගොඩගසා ගිනි තබන ලදී. හෙළයන් කොතරම් රසකාමීන්ද කොතරම් උසස්‌ සාහිත්‍යකරුවන්ද යන්න අපට දැනගත හැක්‌කේ සීගිරි ගී තවමත් ශේෂ වී ඇති නිසාය. ශ්‍රී ලංකාව ජනාවාස වී වසර 380 කට පසු රුවන්මැලි සෑය ඉදිවූයේ යෑයි අනුරාධපුර දිසාපති (අමර හේවාමද්දුම) විසින් විස්‌තර කළ විට ලෝක බැංකු සභාපති රොබට්‌ මැක්‌නමාරා එය මේ මිනිස්‌ ලොව සිදුවිය නොහැක්‌කක්‌ බව කියා ප්‍රතික්‍ෂේප කළේ අප සමග තරහින් නොව මුළු ලෝකය ගැනම දැනුමක්‌ ඔහුට ඇති නිසාය. ලොව මහා ජල ශිෂ්ටාචාරය ලෙස බටහිරුවන් විසින් හඳුන්වන අපගේ ශ්‍රී ලංකාවේ බෞද්ධ මිස සිංහල සාහිත්‍යයක්‌, චිත්‍ර කලාවක්‌, ගෘහ නිර්මාණ ශිල්පයක්‌, මූර්ති කලාවක්‌, කැටයම් කලාවක්‌ නැත්තේ ඇයිද යන්න ගැන සමීක්‍ෂණයක්‌ කළ යුතුව ඇත. සංස්‌කෘතිය ඉක්‌මවා ගිය බෞද්ධ ආධිපත්‍යයක්‌ නුවුයේ දැයි ගවේෂණය කළ අයෙක්‌ නැත.

5. මහින්දාගමනයෙන් පසු ලියෑවුන ශිලා ලිපිවල ඇති රාමා, රාවණා වැනි නම් සාමාන්‍ය මිනිසුන්ගේ නම්වෙති. එය රාවණා ඓතිහාසික කිරීමට යොදාගත නොහැක.

මහින්දාගමනයෙන් පසුව ලිපිවලත්, එමෙන්ම රාවණ යන නාමයත් සාමාන්‍ය මිනිසුන්ට යෙදුනාද විය හැක. නමුත් "මහරජ රාවණ" යනු සාමාන්‍ය රටවැසියෙකු නොවේ. බ්‍රාහ්මී අක්‍ෂර ලිපිවල මහරජ යන නම රජුන් හට පමණක්‌ යෙදී ඇත. මහරජ රාවණ, මහරජ පනිත, දෙවන පිය මහරජ, ගාමිණී අබය, දෙවනපිය මහරජ ගාමිණී තිස, දෙවනපිය මහරජ උති, මහරජ තිස යන මේ සාමාන්‍ය මිනිසුන් නොවේ. වංශ කතාවල එන දේවානම් පියතිස්‌ස රජුගේ නමින් එකදු සෙල් ලිපියක්‌වත් හමුවී නැත. නමුත් "දෙවනපිය" නාමය මහාවංශය විසින් දී ඇත්තේ ඔහුට පමණි.

6. රාමායණය ඊට වඩා පැරණ මහා භාරතයේ අතුරු කතාවකි. මහා භාරතයේ නිරූපණය වන්නේ ක්‍රි. පූර්ව 800 ට ආසන්න කාලයකි.

මෙම සොයාගැනීම සන්නස්‌ගමට ඉතා වැදගත්ය. නමුත් ඒ සඳහා සාක්‍ෂි කිසිවක්‌ නැත. ඉතිහාසය දන්නා හැමදෙනාම දන්නේ සංස්‌කෘතය ලියන බසකට සුදුසු තත්ත්වයට ආවේ ක්‍රි. පූර්ව 6 වන සියවසේ පාහියන්ගේ ව්‍යාකරණ ග්‍රන්ථයෙන් පසුව බවය. එනිසා අනිවාර්යයෙන්ම මෙම මහා කාව්‍ය දෙකම ඉන්පසු සම්පාදනය විය යුතුය. එපමණක්‌ නොව මහා විහාරය විසින් මෙරට ජාතියට දුන් නාමය වන සිංහල යන්න හා රටටදුන් සිංහල ද්වීපය යන්නද මහා භාරතයේ සඳහන්ය. මෙනිසා අනිවාර්යයෙන්ම ක්‍රි. පූර්ව 275 න් හෝ පසු කලෙක මහා භාරතය ලිවිය යුතුය. මහාචාර්ය ඔලිවර් අබේනායකගේ මතය වන්නේ ශ්‍රී ලංකාවේ ලියවුනු ජාතක අටුවාවට අයත් දශරථ ජාතකය හා සුසොන්දි ජාතකය කවි සංකල්පනා ඔස්‌සේ විස්‌තීරණය කරමින් රාමායණය ලියවුන බවය (17.07.2010 මහවැලි කේන්ද්‍රයේ රාවණ විරෝධි සම්මන්ත්‍රණය). එබැවින් සන්නස්‌ගම මහතා මහාචාර්ය අබේනායක හා සාකච්ඡා කිරීම වටී.

7. මේ නිසා මහාභාරතය ලියූ යුගයට සියවස්‌ දෙකකට පසුව ජීවත් වූ බුදුන් වහන්සේට හෝ භික්‍ෂුන්ට රාවණා රජු ලෙන් පූජාකළ බව කියන සූරිය ගුණසේකර මහතා

මනඃකල්පිත කරුණු වලට පිළිතුරු දීමට පරචිත්ත විජාණඥනය තිබිය යුතුය.

8. මෙරට යක්‍ෂ අසුර රාජධානියක්‌ තිබුනේ නම් විභීෂණගේ යුගයෙන් පසු එය අඛණ්‌ඩව පැවතිය යුතුය.

විභීෂණ යුගයක්‌ පිළිගැනීම යනු රාවණා යුගයක්‌ද පිළිගැනීමක්‌ වන්නේය. රාවණා මිත්‍යාවක්‌ වීමටත් විභීෂණ ඓතිහාසික වීමටත් නුපුළුවන. නමුත් මිනිසුන් විසින් විභීෂණ දේවත්වයට නැංවූයේ ඔහු ජීවත් වී මරණයට පත් වීම නිසාය. සිංහල දේව සංකල්පය යනු ජනප්‍රිය පුද්ගලයන් මරණින් පසු දේවත්වයට නැංවීමටයි. අවසන් වරට අප විසින් 1864 දී දේවත්වයට නංවන ලද රංවල දෙවියන් යනු රංවල තොටුපළේ තොටියා වූ අප්පු සිංෙÆaය.

9. පැරණි මහා ශිෂ්ටාචාරයන් ඇති වුනේ මහා ගංගාධාරවලින් සමන්විත විශාල ගොඩබිම්වල මිස දූපත්වල නොවේ. ශ්‍රී ලංකාව තුළ ඒවාට සමාන ශිෂ්ටාචාරයන් බිහිවීමට අවශ්‍ය භෞතික සම්පත් හා භූගෝලීය පිහිටීම ඇත්ද? එහි පිහිටීම බුද්ධිමය සංකල්ප දියුණු වීමේ ඉඩකඩ ස්‌වභාවයෙන්ම අඩු කරයි. ලංකාව වැනි දූපත්වල ශිෂ්ටාචාර - සංස්‌කෘති ඇති වුණේ අසල්වැසි මහා ගංගාධාර නිසාය.

දූපත් මානසිකත්වය යනු රෝගී තත්ත්වයකි. ඇමෙරිකන් එන්.ජී.ඕ. ක්‍රිස්‌තියානි මිෂනාරින් විසින් මෙය අනුනට බෝකරන රෝගයකි. ඔවුහු ලෝකය කලාප 7 කට බෙදති. හත්වැන්න කුඩා දූපත් එකතුවය. (Sප්කක සික්‌බාs) අපි අයිති කලාපය අසියා-ශාන්තිකර කලාපයයි. මාධ්‍යකරුවන් මීට මහෝපකාරී වන්නේ "අපගේ පුංචි ලංකාව, කුඩා දූපතක්‌ වූ අප, ලෝක සිතියමේ කඳුළු බිංදුවක්‌ බදු ශ්‍රී ලංකාව" වැනි හීනමානය දනවන වචන කියමිනි. සන්නස්‌ගමගේ මහා ශිෂ්ටාචාර 4 නම් මිසර, බැබිලෝනියා, හොවැංහෝ සහ හරප්පාය. බැබිලෝනියා ශිෂ්ඨාචාරය ගොඩනැංවීමට උපදෙස්‌ දුන්නේ "ගුවන් යානාවලින් ආ සිංහ මිනිසුන්" බව කියෑවෙන මැටි පුවරු 1996 අප්‍රේල් වල සොයාගති. වසර 5500 හෝ ඊට වඩා පැරණි ලෙස ලෝකය පිළිගන්නා බැබිලෝනියාවද කඩුව අතින් ගත් සිංහයා ලාංඡනයෙන් යුක්‌තය. සිංහ ශරීරය, පියාපත් දෙක හා මිනිස්‌ මූණ සහිත බැබිලෝනියානු ලාංඡනයේ පියාපත් ගුවන්යානාව නිසාය. සිංහ ශරීරය සිංහ මිනිසුන් නිසාය. බුදුදහම පිළිගත් එකම රට ලංකාව වීමෙන් බුද්ධි වර්ධනය දූපත්වල සිදු නොවන බව කීම නිෂේධනය වේ. 1840-50 යුගයේ ආරම්භක වැවිලිකරුවන් දුටු ලෙස ලොව සාරවත්ම රට ලංකාවයි. බෝගවර්ග අතුරින් 14 ක්‌ ඉස්‌තරම්ම වන්නේ ලංකාවේ ඒවාය.

10. සිංහල යන වචනය සිව්හෙළ යන අර්ථයෙන් සැදී නැත. කිසිම ශිලා ලිපියක මෙසේ හෙළයන් හතර වගක්‌ සඳහන් නොවේ. සිව්හෙළ යන හැඳින්වීම සිංහල යන හැඳින්වීමට පසුව ඇතිවිය.

සිංහල යනු "හෙළ" නමැති හෙළ වචනයේ සංස්‌කෘත පරිවර්තනයයි. සිංහල යනු සංස්‌කෘත හැඳින්වීමකි. මහාවිහාර භික්‍ෂුන් වහන්සේලා "හෙළ" නමැති වචනය මකා ඒ වෙනුවට සිංහල නමැති වචනය අදේශ කළහ. එසේ වුවද මහනුවර යුගය දක්‌වාත් සිංහල වෙදකම හෙළ කවියෙන් විය. ආයුර්වේද වෙදකම පමණක්‌ සංස්‌කෘත ශ්ලෝකවලින් තිබුණි.
උපුටා ගැනීම -

 

Emperor Ravana lived nearly 5000 years ago in Sri Lanka. He was a descendant of ‘Surya Wansha’ of ‘Hela Yakka’ tribe (ancient Sinhala tribe). King Ravana was one of the best fighters in Angampora, the traditional martial arts of ancient Sinhale.
He was a great Scholar inAyurvedic medicine. He was the person who invented “Arka Shastra”. The book “Arka Prakshaya” reveals this truth to the present world. As his willing to research in Ayurvedic medicine he wrote several books revealing the cures for many diseases. In one book he wrote “Eating beef cause to infect ninety eight new diseases to human beings”. The book “Kumara Tantraya” which reveals the treatments for infant diseases was written by him accepting the request of his pregnant queen Mandodari.
His eldest son was Indrajith also known as Meghanada who followed his father’s steps. There are some hints in Sri Lankan rock inscriptions about the daughter of king Dasis Ravana. King Ravana’s kingdom was Lankapura. The kingdom is almost disappeared today. But if you keen on Sri Lankan folklore and ola manuscripts there you can find some remaining sites of Lankapura today known as Seegiriya and Trincomalee.
King Ravana invented the bow of Violin. He also narrated very first Raagas, the musical compositions of Eastern classical music known as Lanka Dehena. “Siva thandawa” is one of the great devotional compositions done by him, which is still being in use in India. He was the first king flew over the world with his aero plane, known as Dandumonaraya, Vimaanaya or Ahasthara. Some evidence of Dandumonaraya the aeroplane is found in Rock inscriptions, Jataka Stories and Ola manuscripts. The Sinhalese folk stories are enriched with Ravana Stories. King Ravana was continuing a vegan oriented life style and was a real nature lover. According to Lankavatara sutta he was Buddhist and worshipped Kashyapa Buddha. Once he invited Kashyapa Buddha to visit Lanka and deliver his sermon to Sri Lankan citizens who practice yoga and follow Buddhism.
Today the time has changed and many of us do not know the real history of king Ravana and throw our folk tales away without considering any valuable parts of them. King Ravana was one of the best emperors found in Sri Lankan history.  There are more than 300 Sinhala village names related to king Ravana era. In addition, there are some more places and remains in which the Rama Ravana war took place in Sri Lanka.

ඔටුනු නොපළන් සෙන්පති පරපුරක අප්‍රකට තොරතුරු

වලපනේ දිසාවේ කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර නිදහස්‌ සටනේ පුරෝගාමියා හා සැබෑ නායකයා ද වේ. මෙතුමාගේ පරපුර සතුව තිබූ බලය හා උරුමය අද දක්‌වා ඉතා අප්‍රකටව පැවතීමේ හේතුව වනුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ ඉතිහාස කතාව හිතාමතා යටපත් කිරීමයි. පුලතිසිපුරයේ පහළ වූ මහ පැරකුම්බා රජුගේ පුරෝහිතයා ලෙස කටයුතු කළ කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමා කිවුලේ ගෙදර පරපුරේ ආදිතමයා ලෙස සලකනු ලබන අතර මෙතුමා රාවණා රජුගේ පුත්‍ර උපේන්ද්‍ර මණික යුවරජුට දාව උපත ලැබීය. පසු කලෙක කේවේසස්‌ථාන රජු ලෙස කිරුළු පළඳින ලදී.

උහුන් ජාත පුත්‍ර උපේන්ද්‍ර මිණි මණ්‌ඨක මන්ඨාෙච්න බලපති වී
උහුන් ජාත පුතුරාක
කේවේසස්‌ථ මණ්‌ඨක වායිමන
කේවේසස්‌ථ රක්‌ඛ පදියම බලපති වී

(උපුටා වරිග පූර්ණිකා පුස්‌කොල ග්‍රන්ථය),

විජයගේ පැමිණීමට පෙර කේවේසස්‌ථාන පරපුරේ පෙළපත වරිග පූර්ණිකාවට අනුව
* කේවේසස්‌ථාන රජු
* සොලිස මණ්‌ඨක රජු
* සකුදල ගිරි රජු
* පඡ්ජල මූණ රජු
* කේසි කෙහෙළියපුර රජු
* විපුලත්තාන රජු
* සුගුලිත රජු

දකුණු ඉන්දියාවේ කොටස්‌ ද ඇතුළත්ව, රාජ්‍ය පාලනයේ යෙදුණු රාවණ පරපුර ක්‍රමයෙන් පරිහානියට පත්ව විජයගේ ආක්‍රමණයෙන් පසු රාජ්‍ය උරුමය අහිමි වීමකට ලක්‌විය. නමුත් මහ පැරකුම්බා යුගයේ ඉතා ප්‍රබල වංශවත් මෙම පරපුර රාජ්‍ය යාන්ත්‍රණය හැසිරවීමට ප්‍රබල දායකත්වයක්‌ ලබා දුන් අතර, මුළු මහත් ශ්‍රී ලංකාවම එක්‌සේසත් කළ මහ පැරකුම්බා රජුගේ අග්‍ර පුරෝහිතයා ලෙස කටයුතු කරන ලද්දේ කේවේසස්‌ථාන පරපුරෙන් පැවත ආ කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමා වන අතර, එතුමා කිවුලේගෙදර පරපුරේ වර්තමාන ආදිතමයා ලෙස සලකනු ලබයි. මහ පැරකුම්බා රජු පුලතිසි පුරය අගනුවර කර රාජ්‍ය විචාරන සමයේ ඉදිකළ යෝධ වාරි කර්මාන්තය වූ පරාක්‍රම සමුද්‍රය ඉදිකිරීමේ කර්තව්‍යය හා දිග්විජය කිරීමේ ප්‍රතිපත්තිය දක්‌වා රජුගේ චින්තනය ගොඩනංවන ලද්දේ අග්‍ර පුරෝහිත කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමාය.

මෙතුමාගේ පුත්‍ර ලංකාපුර කුමරු පැරකුම්බා රජුගේ යුද හමුදාපති ලෙස කටයුතු කළ අතර, දකුණු ඉන්දියානු කුළශේඛර නම් සොලී රජු මධුරාපුර පරාක්‍රම පඬි රජු සමඟ යුද්ධයක පැටලී සිටියේය. පඬිරජ පරාක්‍රමබාහු රජතුමාගේ පිහිට පැතූ අතර, මෙහිදී පරාක්‍රමබාහු රජතුමා මහා බලවත් ලංකාපුර සෙන්පතියා යටතේ ලංකාපුරගේ පුතුන් වූ දේව ලංකාපුර, සෝණ, ලංකාගිරි, ගෝකරණ, දණ්‌ඩනායත, ලෝක කේෂධාතු, කීර්ති කේශධාතු යන සෙන්පතියන් සමඟ විශාල හමුදාවක්‌ කුලශේඛර රජු පලවා හැරීම පිණිස යෑවීය. කුලශේඛර පඬි රජු මරා පඬිරට අල්ලාගෙන තිබූ අතර, පඬි රජුගේ වීර පණ්‌ඩු නම් එක්‌ පුත්‍රයෙක්‌ ජීවිතය බේරාගෙන පලාගොස්‌ සිටියහ. ලංකා සේනාව කලදිල්ල නම් ස්‌ථානය පළමුව අල්ලා ගත්හ.
ඉන් පසු ලංකාපුර සෙන්පතියා තම පරපුරේ ආදි ඉතිහාසයේ රාවණා පරපුරට කළ විනාශයේ පලිය ගනිමින් සොලී සේනාව නසා රාමේෂ්වරම් අල්ලා ගත්හ. එය සිහිවීම පිණිස රාමේෂ්වරම් තුන්දුක්‌තාල නම් ස්‌ථානයේ පරාක්‍රමපුර නම් නගරයක්‌ ඉදි කළහ. ලංකාපුර සෙනෙවියා දකුණු ඉන්දියාවේ චාරුකොට්‌ට, මාරුලූප නම් පෙදෙස්‌ ඉන්පසු අල්ලා ගත් අතර, කකඳ්චකුටිය, කොලුරා, වීරගංග ප්‍රදේශය ද ලංකාවේ යටත් විජිත ලෙස පවරා ගත්හ. මෙහිදී මේ අසහාය රාවණ පුත්‍රයා තමාගේ පරපුරේ නාමය සිහිවීමට ලංකාපුර නමින් නගරයක්‌ ඉදිකොට සොලී බලය නසා දමමින් තවදුරටත් ඉදිරියට ගිය අතර, දෙවියා පට්‌ටන, බුද්දකංචකුඩිඩක නම් කුලශේකර රජුගේ සොලී බලකොටුව අල්ලාගෙන අවට ගම් 24 ක්‌ ගිනි තබා දන්තික නම් ස්‌ථානයේ කඳවුරු බැඳ ගත්හ.
මෙම සටන්වලදී සොලී සෙන්පතියන් පූ පණ්‌ඩියාන්ඩර, චෝල කෝනාර, යාදවරායන, විල්ලවරායන, කාලිංගරායර්, පංඩියරාය තෝන්දිය ආදීන් මරා දැමූ අතර, පසුව මහපැරකුම්බා රජුගේ නියෝගය පරිදි වීරපණ්‌ඩු කුමරා බේරාගෙන ලංකාපුර, වීරපණ්‌ඩු කුමරා වෙත පිළිගන්වන ලදී. මෙම පඬි රජු ලංකාව දෙසට හැරී දොහොත් මුදුන් තබා වැඳ නමස්‌කාර කර තම රාජ්‍ය ලබාදුන් පරාක්‍රමබාහු රජතුමාට ගෞරව කළහ. ඉන් නොනැවතුන ලංකාපුර සෙනෙවියා තම පරපුරේ අභිමානය නැවත ඇති කිරීමට මධුරාපුරය, ප්‍රබල සටනක්‌ කර අල්ලා ගත් අතර, මෙම සටන්වලදී ඉන්දියාවේ ත්‍රිණවේලියද සිංහල සේනාව විසින් අල්ලා ගත් අතර, තිරුපුත්තුරුවේ පටන් අමරාවතිය දක්‌වා පැමිණි ගමනේදී තුන් ගව්වක්‌ සතුරු මළකඳන්වලින් ගොඩගසා අමරාවතිය අල්ලාගත් ලංකාපුර සෙනෙවි එදා රැගෙන ගිය හමුදා සේනාංකයේ විශාලත්වය සැතපුම් 16 කි. ලංකාපුර සෙනෙවි අවසානයේ පඬි රටද කුලශේකරගේ රට ද ඇතුළුව පරාක්‍රමබාහු රජතුමා වෙනුවෙන් මෙම ප්‍රදේශයේ පාලකයා බවට පත් විය.
මෙසේ යටත් කරගත් ප්‍රදේශයන්ගේ පරාක්‍රමබාහු රජුගේ ලාංඡනය සහිත කාසි ව්‍යවහාරයට යොදවනු ලැබීය. විශාල ප්‍රදේශයක්‌ පරාක්‍රමබාහු රජු වෙනුවෙන් පාලනය ගෙනගිය ලංකාපුර චෝලයන්ගෙන් කාලිංගයන්ගෙන් මෙරටට සිදු වූ අතීත අපරාධයන්ට පලිගත් අතර, පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසු රටේ ඇති වූ අස්‌ථාවර දේශපාලන වටපිටාව මත ගොඩනැගුණු කාලිංග බලය මෙරට කාලිංග වංශයට ගැතිකම් කළ නිශ්ශංක මල්ල වැනි කාලිංගයන්ට ලබාදෙන ලදී. ඉන් හෙළ බලය මෙන්ම දේශීය චින්තනය ද සහමුලින්ම බිඳ වැටී අවසානයේ කාලිංඝ මාඝ නමැති දරුණු ආක්‍රමණිකයා අතීතයේ පැමිණි රාම සුශ්‍රීව ප්‍රමුඛ වානර සේනාව සේ මහාපුලතිසිපුර ගිනිතබා ජාතියේ අවසාන ලේඛනාගාරය වූ පොත්ගුල් විහාරය ද හෙල ග්‍රන්ථද කඳු ගසා ගිනි තබන ලදී.
මහා පැරකුම්බා රජුට මහා පරාක්‍රම සමුද්‍රය සැදීමට එදා පුලතිසි සෘෂිවරයාට අයත් ඔසු උයන කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිවරයා රජු වෙත පවරා දුන් අතර, නමුත් එයට ගෞරවයක්‌ ලෙස පුලතිසි ප්‍රතිමාවට පුද පූජා තබා පුලතිසි විහාරය ඉදිකර අසදෘස පිංකමක යෙදුණු මහපැරකුම්බා අධිරාජ්‍යයා කේවේසස්‌ථාන රාවණ පරපුරේ ජනප්‍රසාදය දිනාගන්නා ලදී. නමුත් මහ පැරකුම්බා රජුගෙන් පසු කේවේසස්‌ථාන පරපුර වෙත මෙරට ඇතැම් පාලකයන් දරුණු ව්‍යසනයක්‌ අත්කර දුන් අතර, කාලිංග මාඝ මෙම පරපුරට අයත් සියලු බලය අහෝසි කර දමන ලදී. රාවණ යුගයේ ලිපි ලේඛන, යක්‍ෂ වංශයේ ග්‍රන්ථ, බෞද්ධ හෙල අටුවා, ජ්‍යෙdතිෂය, යන්ත්‍ර මන්ත්‍ර, ග්‍රන්ථ මෙන්ම රාවණ රජුගේ අත් අකුරු සහිත වෙද පොත් ද ගිනිතබා විනාශ කළ කාලිංඝ මාඝ විජයගෙන් පසු මෙරට අවශේෂ යක්‍ෂ වංශය සංහාරයේ යෙදුණු අතර, කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිවරයාගේ පරපුර පසු කාලයේදී බණ්‌ඩාර වැද්දාගේ පරපුර ලෙස ප්‍රචලිත වීමට හේතු වූයේ මෙම දරුණු යක්‍ෂ සංහාරය විය. කන්ද උඩරට ස්‌වකීය අතීත නිජබිම වෙත පැමිණි මෙම පරපුරේ වර්තමාන ආදිතමයා කොනප්පු බණ්‌ඩාර රජුගේ සමයේදී නැවත රාජ්‍ය වරප්‍රසාදයට පාත්‍ර විය. එබැවින් මෙම පරපුර ඉන්පසු ඌවේ සියලු සටන්වලදී ප්‍රමුඛස්‌ථානය ගැනීමට සමත් විය.
කිවුලේගෙදර පරපුරට නොදෙවැනි ප්‍රබල ප්‍රභූ පවුල් සමඟ රටේ දේශපාලන කටයුතුවලදී ක්‍රියා කළ මෙම පරපුර සස රාජසිංහ රජුගේ යුගයේ දන්දෙනිවලවෙල සටනින් ලන්දේසීන් සමූහ ඝාතනය කළ දොන් කොස්‌මෝ විෙ-සේකර යුද මුදලිගේ පරපුර ඉමහත් ගෞරවයෙන් ඌවේ බදුල්ලේ රඳවා ගැනීමට කටයුතු කළ පරපුරකි.
ක්‍රි. ව. 1630 පැමිණි පරසතුරු උවදුරේ කොස්‌මෝ විඡේසේකර යුද මුදලි රජුට පක්‍ෂපාතී කරගත යුතු බවට යෝජනා කරන ලද්දේ කිව්ලේගෙදරය. රන්දෙනිවෙල සංග්‍රාමයේදී නොරොCඳ්Cඳගේ හිස කඳින් වෙන් කළ කොස්‌මෝ විෙ-සේකර යුද මුදලි එය රජුට තුටු පඬුරු ලෙස ලබා දී රාජ්‍ය වරප්‍රසාද ලබා ගන්නා ලදී. මෙම ප්‍රභූ රාවණ පරපුර ඌවේ රඳවා ගැනීමට කටයුතු කරන ලද්දේ බදුල්ලේ කටුගහ වලව්ව ඇතුළු නිරවුල් ගම්බිම් ප්‍රදානයට රජු පොළඹවන ලද්දේ ඌවේ කිවුලේගෙදරය.
රන්දෙනිවෙලේ සටන ගැන ඌවේ ජනකවි
කොස්‌මෝ විඡේසේකර මහ මුදලි තුමා
උඩරට සිංහළුන් එකමුතු කළ උතුමා
රන්දෙනිවෙලේ සතුරන් පෙති ගැසු කදිමා
රාවණ කොඩිය දස්‌කම් පෙන්වූ උතුමා
දොන් කොස්‌මෝ විඡේසේකර පරපුර හා කිවුලේගෙදර පරපුර 1818 සටනේදී කැප්පෙටිපොල නිලමේ හා ඇහැලේපොල නිලමේට සහයෝගය දීමට හේතුව දොන් කොස්‌මෝ විෙ-සේකර යුද මුදලිතුමාගේ යුගයේ සිට රාවණ ධජයට ගරු කළ පරපුරු අතර ඇති වූ ජාතික සමගියේ ප්‍රතිඵලයක්‌ ලෙසය.
පොලොන්නරුවෙන් පසු කේවේසස්‌ථාන බණ්‌ඩාර සෘෂිතුමාගේ පරපුර නැවත මතුවන්නේ ඌව ප්‍රදේශයෙනි.
වර්තමාන වියළුව කන්ද කැටිය ප්‍රදේශය ආශ්‍රිතව තම නවාතැන තෝරාගත් අතර, එම ප්‍රදේශය අද දක්‌වා කිවුලේගෙදර ග්‍රාමය ලෙස ප්‍රචලිත විය. මෙතුමා අදත් වෙල්ලස්‌සේ කිවුලේගෙදර ග්‍රාමයේ දේවත්වයට පත්වූ කිවුලේගෙදර ඉහළ වලව්වේ දෙවියෝ ලෙස ප්‍රදේශවාසීන්ගේ ගෞරවයට පත් වේ. අති ප්‍රබල රහස්‌ යන්ත්‍ර මන්ත්‍ර හා පරපුරෙන් පැමිණි සටන් ක්‍රමවේද පිළිබඳව මනා දැනුමකින් හෙබි මෙතුමාගේ සහාය ලබාගත් කොනප්පු බණ්‌ඩාර පසුව 1 විමලධර්මසූරිය ලෙස රජ භාවයට පත්වූයේ ඌවේ ජනාවාස ඇති කිරීමට පුරෝගාමී වූ කිවුලේගෙදර පරපුරේ සහයෝගයෙනි. පසුව ඉපැරැණි වාරි තාක්‍ෂණයෙන් හා විශ්මිත ජ්‍යෙdතිෂය මූලධර්ම සිද්ධාන්තයන්ගේ (චJද්‍ර සූර්ය සිද්ධාන්ත) භාවිතයෙන් මුළු මහත් ඌව දිස්‌ත්‍රික්‌කයම සාරවත් භූමියක්‌ බවට පත් කර ගත් හෙළයන් වෙල්ලස්‌ස හෙවත් වෙල් ලක්‍ෂයකින් සෑදී සරුසාර භූමිය රටේ ආර්ථික, දේශපාලන, සමාජීය, ආගමික කේන්ද්‍රස්‌ථානය බවට පත් කිරීමේ පුරෝගාමීන් බවට කිවුලේගෙදර පරපුර පත්විය. එබැවින් ලංකාවේ පෙර නොවූ විරූ ලෙස ඌව කරා පැමිණි රදල පවුල් ඌව වෙල්ලස්‌ස ස්‌වකීය නිජබිම බවට පත් කර ගන්නා ලදී.
1 වන විමලධර්ම රජුගේ පූර්ණ සහයෝගය මෙම පරපුර වෙත ලැබූ අතර, ඉන්පසු යුගයේ රටේ දේශපාලන යාන්ත්‍රණය හැසිරවීමේ බලය ඌවේ වැසියන් වෙත ලබා ගන්නා ලදී. එබැවින් පසු කාලීනව කන්ද උඩරට රාජ්‍යත්වයට පත් සියලු රජුන් ඌවේ කිවුලේගෙදර පරපුරේ සහයෝගය ලබා ගන්නා ලදී. එබැවින් කිවුලේගෙදර මහ දෙවියෝ කිවුලේගෙදර ඉහළ වලව්වේ දෙවියෝ. පහළ වලව්වේ දෙවියෝ, කිවුලේ දිසා බණ්‌ඩාර දෙවියෝ, කිවුලේගෙදර අප්පුහාමි දෙවියෝ, කඩවත් දෙවියෝa, අලුත් දෙවියෝ දේවත්වයට පත්ව අද දක්‌වා මහජන ගෞරවයට පත් කිවුලේගෙදර පරපුර ඌවේ ධජය ලෙස මයුරා යොදා ගන්නා ලදී. රාවණ රජුගේ රණ මයුර සංකේතය වලපනේ ධජය ලෙස අද දක්‌වා නොනැසී පවතී. එමෙන්ම කිවුලේගෙදර පරපුර මෙන් ඌවේ ව්‍යාප්ත වූ රාවණ රජුගේ ප්‍රබල යක්‌ ප්‍රජාව හේවාහැට කොත්මලෙ, වලපනේ යන දිස්‌ත්‍රික්‌කයන්ගේ ධජය ලෙස භාවිත කරන ලද්දේ ද රාවණ ධජය වීම මෙහි ඇති සුවිශේෂත්වයකි.
ඌවේ ජන කවි
සක්‌ දෙවිඳුයි සඳ මත හා රුව ඇන්දේ
සමන් දෙවිඳු බැබලේ සමනල කන්දේ
ගැමුණු රජුයි සතුරනගේ බල බින්දේ
රාවණ කොඩිය බැබලේ තලගල කන්දේ

රාවණ කොඩිය හෙළදිව ජාතික කොඩිය
සිව් හෙලයින් දස්‌කම් පෙන්වූ කොඩිය
උඩරට රදල වරු පණසේ රැකි කොඩිය
පෙරමුණු රැගෙන යමු රාවණ කොඩිය
( උපුටා ගැනීම – ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර )
ඉතා ප්‍රබල පරපුරක්‌ ලෙස පැවැති මෙම පරපුරේ මීළඟ යුග පුරුෂයා බවට පත්වූයේ කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර හෙවත් කිවුලේගෙදර මොහොට්‌ටාල වන අතර, රටේ බලගතුම රජුගේ රහස්‌ සේනාංකය වූ බිහිසුණු දරුණු වැදි හමුදාව මෙන්ම දක්‍ෂම රණකාමී සෙන්පතීන්ගේ නායකයා ද විය. වීර බූටාවේ රටේ රාල, කොහු කුඹුරේ රටේ රාල, ආදාවල මොහොට්‌ටාලය. අරුමා වැදි නායක මෙතුමාගේ අතිජාත මිත්‍රයෙක්‌ විය. ඉතා ධනවත්, බලවත් යුද ශිල්පයේ කෙල පැමිණි ඌවේ වීරයන්, රටේ බලයට පැමිණි ඕනෑම රජයක්‌ වෙත තම පක්‍ෂපාතී බව පළකළහ. එය ස්‌වකීය වංශයේ පැවැත්ම සඳහා අනුගමනය කළ ක්‍රමවේදය වූ අතර, අවාසනාවකට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු යුගය ද්‍රවිඩ සම්භවය ඇති හින්දු මතවාද කරපින්නාගත් හින්දු අන්තවාදය රටපුරා ව්‍යාප්ත කර වූ රජවරුන්ගේ කාල වකවානුවක්‌ විය. ඉතා ප්‍රබල ලෙස පෙර කිසි කලෙකත් නොවූ විරූ ලෙස හින්දු දේව සංකල්පය මෙරට මුල් බැසගත් මේ යුගය ජාතික වීරයන් පරපුරට ජාතියට අද්විතීය සේවයක්‌ කළවුන් පිදීමේ ඉපැරැණි හෙළ සභ්‍යත්වයෙන් බැහැරව (උදා – වැදි ජනයාගේ මළවුන් පිදීමේ චාරිත්‍රය) යක්‍ෂ ගෝත්‍රයේ නෑ යකුන් පිදීම හෙවත් ප්‍රදේශ භාර අසහාය යුග පුරුෂයන් දේවත්වයෙන් වන්දනා කිරීමේ චාරිත්‍රයෙන් බැහැර වී මිථ්‍යාදෘෂ්ඨ§ක දේව සංකල්පයෙන් සමාජය වෙලා ගන්නක්‌ බවට පත්වී තිබිණි.
නමුත් අද දක්‌වා ඌවේ මහජන වන්දනාවට පත්වන්නේ ප්‍රදේශවාසී ආදි යුග පුරුෂයන් වීම ජාතියේ වාසනාවකි. (උදා කීර්ති බණ්‌ඩාර, ර-ජු බණ්‌ඩාර, කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර. කිවුලේ ගෙදර අප්පුහාමි බණ්‌ඩාර) මුළු මහත් රාජ්‍ය තන්ත්‍රයම හින්දු දේව වාදය කරපින්නා ගැනීමත් සමගම බෞද්ධයන්ට මෙන්ම මෙරට රාවණා පරපුරට ඇති බලතල අහෝසි වීම තුළ රජු හා උඩරට රදලයන් අතර දැවැන්ත දේශපාලන අස්‌ථාවරභාවයක්‌ ඇති වීමට සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ක්‍රියා කලාපය ඉවහල් විය. මින් ලංකාවේ කන්ද උඩරට රාජ්‍ය යාන්ත්‍රණය කොටස්‌ ගණනාවකට බෙදී ගියහ.
මෙම අසමගියේ ප්‍රතිඵල ඉංග්‍රීසීන් විසින් ජෝන් ඩොයිල් නම් රහස්‌ ඔත්තුකරු මගින් වඩා නිවැරැදිව ලබාගෙන එංගලන්ත අධිරාජ්‍ය 1803 දී ලැබූ දරුණු පරාජයේ පිළිගැනීම උඩරට රාජ්‍යයේ සිංහල බෞද්ධ ප්‍රධානීන්ගේ සහයෝගයෙන් 1815 ලක්‌දිව ගිවිසුමකින් පවරා ගන්නා ලදී. මේ සඳහා බලපෑ ප්‍රධාන හේතු සාධකය වූයේ අතිදක්‍ෂ හමුදා ප්‍රධානියා වූ ලෙව්කේ දිසාවේ ඉතාමත්
අත්තනෝමතික ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් මරා දැමීම නිසා පිළිමතලාවේ, ඇහැලේපොල, කැප්පෙටිපොල වැනි උඩරට රදළ ප්‍රධානීන්ගේ බලවත් විරෝධය මතුවීම තුළිනි. නමුත් මේ සියල්ල දෙස උපේක්‍ෂා සහගතව අසරණව බලා සිටි මේ රටේ දේශපාලනය ආර්ථික බලවේගය මෙහෙය වූ ඌවේ ජන ප්‍රධානීන් දෙවන පෙළ නායකත්වය රටේත්, ජාතියේත් අනාගත විනාශය මනා ලෙස අවබෝධ කර ගත්තද, කිව්ලේගෙදර මොහොට්‌ටාල දේශපාලන අධිකාරිය තමා වටා ගොඩනගා ගැනීමට සමත් විය. රාවණ රජුගේ වාත රිය නැවතූ වාරියපොල විහාරයෙන් (වර්තමාන ශ්‍රී සුමංගල පිරිවෙන් විහාරය) බිහි වූ සංඝ පීතෲවරයකු වූ යක්‍ෂ ලේ ඇති වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් පරපුරේද, ජාතියේද ගෞරවය වෙනුවෙන් ඉංගී්‍රසි ධජය බිඳ දමා සිංහල ධජය එසවීමෙන් ඉංග්‍රීසීන් වෙත පළමු වෙඩි මුරය හෙවත් රතු එළිය දල්වනලදී. ඉතා සූක්‌ෂම ලෙස සිංහල රදළ ප්‍රධානීන්ගේ සහයෝගය ලබාගත් කිවුලේගෙදර මොහොට්‌ටාලයට මුල් අවස්‌ථාවේම මොල්ලිගොඩ වැනි ප්‍රභූවරු ඉංග්‍රීසින් දැනුවත් කිරීම නිසා ඉංග්‍රීසි ඔත්තුකරුවෙකු වූ කන්ද කැපුගම උන්නැහේ නමැත්තෙකු ගේ ඝාතනයට වග උත්තරකරු කර, අත්අඩංගුවට පත් කරන ලදී. මහනුවර මඟුල් මඩුවේ විභාගයට ප්‍රථම උඩරට රදළ ප්‍රධානීන්ගේ අනුග්‍රහය මත සිරගෙය බිඳ දමාගෙන කිවුලෙ ගෙදර මොහොට්‌ටාල පලායන ලදී. අවසානයේ මොණරාගල මාරගල රහස්‌ ගුහාවේ රාවණ දේවාලය වෙත පැමිණි මෙම අභීත රණවිරුවා තම පුරපුරේ අය පමණක්‌ වන්දනාමාන කරන වීර රාවණ අවතාර පූජාව නම් පූජාවක්‌ සිදුකොට ඇත.. (මේ සඳහා භාවිත කළ තල්පත පුස්‌කොළ ශ්ලෝක අද දක්‌වා නොනැසී පවතී.)

ඔං රාවණ සිද්ධිං සිද්ධි බල වරම්, ඕං සූර්යය පුත්‍රය නම ම්

ශිවා ලිත පුස්‌ථකය (අමරකෝන් බස්‌නායක මුදියන්සේලාගේ ජයසේකර බණ්‌ඩාරගේ අත් පිටපත)
බුටාවේ රටේ රාල හා කිවුල්ගෙදර පුංචි අලුත් බණ්‌ඩාර පමණක්‌ මෙම පූජාවම භාවිත කළ ඉපැරැණි රාවණ ප්‍රතිමාව කාලීනව ජෝන් ඩොයිල් විසින් පැහැරගෙන එංගලන්තයට භාරදුන් බව පැවැසේ. අපගේ පර්යේෂණ තුළින්ද මෙම රාවණ ප්‍රතිමාව දැනට එංගලන්තයේ බැලංකැස්‌ටර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. මෙහි සබරගමුවේ වෙස්‌ ඇඳුම පැහැදිලිව හඳුනාගත හැක. (වගකිය යුත්තෝ මෙහි අපට ඇති අයිතියේ අනන්‍යතාව සහතික කර ලංකාවට ගෙන ඒමට කටයුතු කළ යුතුය,)
මාරගල රාවණ පූජාවෙන් පසු කිව්ලේගෙදර පුංචි අලුත් බණ්‌ඩාර හා බූටාවේ රටේ රාලගේ ප්‍රධානත්වයෙන් ඉපැරැණි යක්‌ෂ වංශයේ ජනපදයක්‌ වූ විල්බාව ග්‍රාමයේ වර්තමාන විල්බාව රජමහා විහාර භූමියේ පැවිදි වෙස්‌ දැරූ විල්බාව මුදියන්සේ භික්‍ෂු වෙස්‌ ගන්වා රුහුණු මහ කතරගම දේවාලයට කැඳවා පැවිදි වෙස්‌ හරවා කතරගම හා සියඹලා දේවාලයන්හි කතරගම දෙවියන් වෙත බාරවී කතරගම දිය බෙත්මේගේද සහයෝගයෙන් රහස්‌ රාජාභිෂේකයක්‌ සිදුකරන ලදී. 1818 දක්‌වා කතරගම දේවාලයේ පරිපාලනය සිංහලයන් සතු වූ අතර, ඉංග්‍රීසීන් 1818 න් පසු මෙහි පාලනය ද්‍රවිඩයන් සතු කරන ලදී. අනතුරුව අරුමා වැදි රජුගේ 4000 ක පමණ වැදි හමුදාවක්‌ සමග වෙල්ලස්‌ස කරා පැමිණි කිව්ලේගෙදර පුංචි අලුත් බණ්‌ඩාර බ්‍රිතාන්‍ය හිරු නොබසිනා අධිරාජ්‍යට විරුද්ධව යුද ප්‍රකාශ කළහ. (බිබිලේ වැදි හමුදාව එකල ලොව සිටි ප්‍රබලම ගරිල්ලා භටයන් වූ අතර, ස්‌ථිර වාසස්‌ථාන නොපැවතී ඔවුන් වනාන්තර සටන් වලදී හා උපක්‍රමශීලී ගරිල්ලා ප්‍රහාරයන් හි ලොව සිටි අති දක්‍ෂයන් බව නොරහසකි.) මේ දක්‌වා විල්බාවේ මුදියන්සේගේ සත්‍ය ඉතිහාසය හෙළිවී නොමැත. මන්ද යත් ඉංග්‍රීසින් සතු ලේඛන පමණක්‌ පරිශීලනය කර ඉතිහාසය රචනා කර ඇති බැවිනි.
බූටාවේ රටේ රාළ යනු ලංකා හමුදාවේ අද්විතීය රණශූරයා වූ අතර, මෙතුමා භාවිත කළ පැරණි දුන්නට අදටද 05 දෙනකුටවත් දුනුදිය දැමිය නොහැක. මෙයද අද දක්‌වා නොනැවසී පවතී. මෙලෙස ආරම්භ වූ සිංහලේ නිදහස්‌ සටන මැඩ පැවැත්වීම සඳහා ඉංග්‍රීසින් කිවුලේ ගෙදර පරපුර සමග අමනාපව පරගම්මන ගම්මානයේ මුස්‌ලිම් වැසියන්ගේ සහයෝගය ලබා ගැනීමට අදහස්‌ කළ බව වෙල්ලස්‌සේ සුදු හරක්‌ගාලේ මුහන්දිරම්කම හඡ්ජි මරික්‌කාර් නම් මුස්‌ලිම් ජාතිකයෙකුට දීමෙන් තහවුරු වේ. විජාතික මුස්‌ලිම් ගම්මානයක්‌ වූ පරගම්මන කිවුලේගෙදර පරපුරේ අප්පුහාමි බණ්‌ඩාර නම් ප්‍රධානියා මුස්‌ලිම් කන්‍යාවක්‌ විවාහ කර ගැනීමට දැරූ උත්සාහයේදී වස දී මරා දමන ලදී. ඉන් ඌවේ සිංහලයන් හා මුස්‌ලිම් ජාතිකයන් අතර බලවත් විරෝධයක්‌ ඇති වී තිබූ අතර, අදත් මුස්‌ලිම් ජාතිකයන් කිවුලේගෙදර අප්පුහාමි බණ්‌ඩාර සොහොනට වන්දනා මාන කරනු ලබන අතර, කන්දකැටියේ සිංහලයන් එතුමා දේවත්වයෙන් වන්දනාමානයට පාත්‍ර කරයි. (මේ සඳහා ඉදිකළ ගම්භාර දේවාලයක්‌ පවතී.) නව තනතුරෙන් උද්දාමයට පත් හඡ්ජි මරික්‌කාර් ප්‍රමුඛ මුස්‌ලිම් ජාතිකයන් වෙල්ලස්‌සට පැමිණි විගස කිවුලේගෙදර මොහොට්‌ටාලගේ අත්අඩංගුවට පත්විය.
ඉතා කෲර වද හිංසාවට ලක්‌ කිරීමෙන් පසු ඉංග්‍රීසීන් වෙනුවෙන් පෙනී සිටි හඡ්ජි මරික්‌කාර් කිවුලේ ගෙදර දිසාවේ විසින්ම කුළුගෙඩි පහරින් මරා දැමූ අතර, ඉන් බදුල්ලේ ඒජන්ත ලෙස කටයුතු කළ ඉංග්‍රීසි ජාතික විල්සන් බලවත් කෝපයට පත් විය. ඉංග්‍රීසි භටයන් පිරිවරා ගත් විල්සන්ද බදුල්ලේ සිට වෙල්ලස්‌ස බලා පැමිණි ගමනේදී කිවුලේගෙදර දිසාවේගේ සෙබළුන් හා බූටාවේ රටේ රාළගේ ප්‍රහාරයෙන් පුරාණ ඊතණවත්ත දේවාලය අසලදී මීටර් 1000 දුර සිට එල්ල කරන ලද හී පහරින් මැරී වැටුණුq විල්සන්ගේ හිස කඳින් ඉවත් කර වැදි නායක අරුමා ඇතුළු පිරිසට ලබාදෙන ලදී. විල්සන් මැරී වැටුqනු ස්‌ථානයේ බදුල්ල මාර්ගයේ ඉංග්‍රීසි ජාතිකයන් 1918 දී ස්‌මාරකයක්‌ ඉදිකළ අතර එය අද දක්‌වා පවතී. කිවුලේ ගෙදර, විල්සන් ගේ හිස ඉවත්කළ කිරිච්චියද, ඉංග්‍රීසි හමුදා භටයන් 197 කගේ හිස ඉවත් කළ කිරිච්චියද අද දක්‌වා පවතී. (නැලිගම ශෛලාශනාරාමය – රාගම)
කඳින් වෙන්කළ හිස ඊතණවත්ත පත්තිනි දේවාලයේ ගසක එල්ලා වැදි භටයින් විසින් එයට හී පහරවල් එල්ල කර රිටක ගසන ලද අතර, වැද්දන්ගේ මෙම ක්‍රියාව දේව කෝපයක්‌ ලෙසත්, ඉන් ඌව විනාශ වූ බවත් ඇතැම් ඌවේ පැරැන්නන් විශ්වාස කරයි. ඌවේ පාලකයා ලෙස කටයුතු කළ විල්සන්ගේ ඇද වැටීමෙන් ඉමහත් බියට පත් බ්‍රවුනින් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නිදහස්‌ සටන අඩපණ කිරීමේ අරමුණින් කැප්පෙටිපොල දිසාවේ ඌවේ දිසාවේ ලෙස පත්කර සිංහල හමුදාවත් සමග එවන ලදී. නමුත් අලුපතදී අභීත ඌවේ කිවුලේගෙදරගේ හමුදාවට එකතු වූ කැප්පෙටිපොල නිලමේ අවසානයේ කිවුලේගෙදරගේ මග පෙන්වීමෙන් සිංහලේ නිදහස්‌ සටනේ හමුදාපති ධුරයට පත් කර ගන්නා ලදී. ඉන් ඉමහත් උද්දාමයට පත් ඌව වෙල්ලස්‌ස ජනයා දහස්‌ ගණනින් අභීතව ලක්‌දිව රජුගේ පක්‍ෂයට එකතු වූ අතර, උඩරට රදලයින් වැල නොකැඩී ඉංග්‍රීසි විරෝධී ප්‍රතිපත්තියට සහයෝගය දක්‌වන්නට විය.
මොල්ලිගොඩ හා එක්‌නැලිගොඩ හැර සෙසු ප්‍රධාන පෙළේ රදලයන්ගේ සහාය නිසා බ්‍රිතාන්‍ය හමුදාව උඩරටින් ප්‍රබල ලෙස පසු බසින්නට විය. මෙහිදී වාරියපොළ සුමංගල හිමි නැවත වරක්‌ තම පරපුරේ නිදහස වෙනුවෙන් රාජ්‍ය සංකේතය වූ දළඳා වහන්සේ මහනුවර රජ මාළිගයෙන් රැගෙන කැප්පෙටිපොල නිළමේ වෙත ලබා දෙන ලදී. ඉන් ඉමහත් ප්‍රමෝදයට පත් ලක්‌වාසීන් දහස ගණනක්‌ නැවත සිංහලයන් හා එකතු වූ අතර, සිංහලේ නිදහස්‌ සටන වඩාත් තියුණු මුහුණුවරක්‌ ගත් අතර, හඟුරංකෙත විහාරයේ දළදා ප්‍රදර්ශනයක්‌ පවත්වා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සතුව පැවැති වස්‌තුව 1848 සිංහලේ නිදහස්‌ සටනේ සැබෑ නායකයා වූ වීදිය පැලැන්නේ හඟුරන්කෙත ඩිංගිරාලගේ වැඩිමහල් සොහොයුරා වූ මැණික්‌රාල විසින් කිවුලේගෙදර ප්‍රධාන කැප්පෙටිපොල වෙත ප්‍රදානය කරන ලදී. මෙම යුගයේ හඟුරන්කෙත ඩිංගිරාල ලාබාලවියේ පසුවූහ. කන්ද උඩරට අප්‍රකට රණවිරු පවුලක්‌ වූ ඩිංගිරාල පරපුරේ සොහොයුරන් 3 ක්‌ වූ අතර වැඩිමහල් සොයුරු පුංචිරාල 1805 ශ්‍රී වික්‍රමරාජසිංහ රජු ඉංග්‍රීසීන්ට විරුද්ධව මෙහෙයවූ සටනින් දිවි පිදූහ. දෙවැන්නා 1818 මැණික්‌රාල දිවිපිදූ අතර, ඩිංගිරාල 1848 දිවි පිදූහ.
කන්ද උඩරට පුරා ව්‍යාප්ත වූ 1818 නිදහස්‌ සටන ජයග්‍රහණයේ අභිමුව පසුබිමේදී ඉංග්‍රීසින් විසින් එක්‌නැලිගොඩගේ හා මොල්ලිගොඩගේ උපදෙස්‌ පිට ඉතා රහසිගත ලෙස ජෝන් ඩොයිල් පොළඹවා ඌවේ අධ්‍යාත්මික ශක්‌තිය පැවැති රාවණ දෙවොලේ රාවණ ප්‍රතිමාව ලබා ගැනීමට සේනාව මෙහෙයවූහ. මෙහිදී මොල්ලිගොඩ නිලමේ අලුත්නුවර දැඩිමුණ්‌ඩ දේවාලය වෙත භාරවී පුරාණ රාවණ ප්‍රතිමාව සබරගමුව මහා සමන් දේවාලයට රැගෙන ඒමට අදහස්‌ කළ අතර, හින්දු දේව වාදය ඉවතලා රාවණ ධජය පෙරටුq කිරීමට අදහස්‌ කළහ. අවසානයේ මාරගල කන්දේ රාවණ ප්‍රතිමාව ලබාගත් ඉංග්‍රීසින් එය මොල්ලිගොඩ නිලමේටද ලබානොදී එංගලන්තය බලා රැගෙන ගිය අතර, මුළු මහත් ඌව වෙල්ලස්‌සම සහමුලින්ම විනාශ කරන ලදී.
නමුත් කැප්පෙටිපොල නිලමේ, මඩුගල්ල, පිළිමතලාවේ නිලමේ අතර ඇතිවූ බල අරගලයේ ප්‍රතිඵලයක්‌ ලෙස කිවුලේගෙදර දිසාව පත්කළ විල්බාවේ රජුq පිළිගැනීමට අකමැති වූ ඇතැම් රදළ නායකයන් වෙනත් රජෙකු පත්කරගෙන කැප්පෙටිපොළ, කිවුලේගෙදර, විරෝධී ප්‍රතිපත්තියකට එළඹීය. කැප්පෙටිපොල නිළමේ දළදාවේ භාරකාරිත්වය වලපනේ දිසාවේ කිවුලේගෙදර වෙත පවරා තිබූ අතර, එතුමා කිවුලේගෙදර ග්‍රාමයේ දළදා පූජාවක්‌ හා පෙරහැරක්‌ද පවත්වන ලදී. මෙය ලක්‌දිව ඉංග්‍රීසි ආධිපත්‍යයට පෙර සිංහලයන් පැවැත්වූ අවසාන දළදා පූජාව වේ. ඉන් බියට පත් උඩරට රදළ ප්‍රධානීන් කැප්පෙටිපොල හා අභීතව රජු සිරභාරයට පත්කර වෙනත් අයෙකු රාජ්‍යත්වයට පත්කර ගන්නා ලදී. ඉන් ඉමහත් ප්‍රමෝදයට පත් බ්‍රවුනින්, ජෝන් ඩොයිල් ඇතුළු ඉංග්‍රීසි ප්‍රධානීන් සිංහල සටන් පෙරමුණේ චිත්ත ධෛර්යය බිඳදමා මහනුවර දළදා කරඬුව පමණක්‌ දළඳා වහන්සේ වැඩි සිටින සේ දළදා ප්‍රදර්ශනයක්‌ පවත්වා සිංහලයන්ගේ චිත්ත ධෛර්යය බිඳ දමන ලදී. ඇති වූ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵල මනාලෙස නෙළාගත් ඉංග්‍රීසීන් ඉන්දියානු යටත් විජිතයෙන් ලබාගත් සහයෝගයෙන්ද, සුළු ජාතික මුස්‌ලිම් ජනතාවගේ ආශීර්වාදයෙන්ද මුළු මහත් ඌව වෙල්ලස්‌සම ගිනි තබන ලදී.
මෙහි පළමු ප්‍රහාරය ඌවේ අභීත නායක කිවුලේගෙදර දිසාවේගේ නිවසට එල්ල වූ අතර, කිවුලේගෙදර දිසාවේගේ දයාබර බිරිඳ නිවස ඉදිරියට ගෙන විත් වෙඩි තබා මරා පුළුස්‌සා දමන ලදී. මැක්‌ඩොනල්ඩ් නම් දාමරිකයා මෙහෙය වූ මේ ම්ලේච්ඡ හමුදාව වයස 18 ට වැඩි සියලු පිරිමින් මරා දමා ඌවේ ස්‌ත්‍රීන් දූෂණය කරන ලදී. කිවුලේගෙදර මොහොට්‌ටාලගේ දියණිය අරුමා වැදි නායකයාගේ මූලිකත්වයෙන් මෙහෙය වූ අති දක්‌ෂ සිංහල සටන්කරුවන් විසින් බේරාගෙන පැමිණියද, අතරමැද දී ඇති වූ සටනකදී ස්‌වකීය පතිවාත්තාව ආරක්‌ෂා කර ගැනීම සඳහා කඳු මුදුනින් පැන සිය දිවි නසාගත් බව පැවසුවත්, ඇය රන්මැණිකා නමින් තම පෙළපත රැකගෙන ජීවත් වීමට භාග්‍යවන්ත විය. නමුත් කිවුලේගෙදර දිසාවගේ දයාබර දියණිය ආරක්‌ෂා කිරීමට කටයුතු කළ අරුමා නම් වැදි හමුදාවේ ප්‍රධානියා ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වූ අතර ඉංග්‍රීසීන් ඔහුට දෙතිස්‌ වද බන්ධන දී මඩුල්ල නම් ස්‌ථානයේදී එල්ලා මරා දමන ලදී.
අතීතයේදී ඉපැරණි යක්‌ ජනාවාසයක්‌ වූ කලාඔයෙන් පෝෂිත ගිරිබාව, රිටිගල, නීලගිරිය ප්‍රධාන ජනපදය, හෙළ ලෙයින් ජනිත වූ උදාර සිංහලයන් විසූ යක්‌ ජනපදයක්‌ වූ අතර, කැප්පෙටිපොල පුංචි නිලමේ සේනා සංවිධානයට මෙම ප්‍රදේශයට පසු බැස පලාගිය අතර, අවාසනාවකට පරවාහැර ගම්වාසී මුස්‌ලිම්වරුන් ලබාදුන් ඔත්තුවක්‌ මගින් එතුමා සතුරන් අතට පත් වී නොවැම්බර් 17 වැනිදා හිස්‌ ගැසුම් කන ලදී. වීර බූටාවේ රටේ රාළ, කොහු කුඹුරේ රටේ රාළගේ පුත්‍රයා විසින් පාවාදුන් අතර, ලංකා සේනාවේ මේ අභීත ශූරයා මුස්‌ලිම් ජාතිකයන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ඉංග්‍රීසීන් විසින් එල්ලා මරා දමන ලදී. නමුත් පරපුරේ ජනප්‍රවාද අනුව මේජර් මැක්‌ඩොනල්ඩ් වෙත කිවුලේගෙදර දිසාවේ මරණයට පෙර ඌවේ ඉපැරණි පංචකර්ම යම කාලයට අනුව හූනියමක්‌ සිදුකළ බව සඳහන් වේ. ඉන් මැක්‌ඩොනල්ඩ් පසුකාලීනව එංගලන්තයේදී පිස්‌සු හැදී මිය ගොස්‌ ඇත. (මැක්‌ඩොනල්ඩ් අවසාන කාලය සිහි විකල්ව සිට මියගිය බව තහවුරු වී ඇත.)
1818 නිදහස්‌ සටන මෙහෙයවූ සියලු රණවිරුවන් මරා දැමුවත්, කිවුලේ ගෙදර මොහොට්‌ටාල අල්ලා ගැනීමට ඉංග්‍රීසීන්ට නොහැකි වූ අතර, බිබිල වෙත පසු බැසි මෙම අසහාය සිංහලේ නිදහස්‌ සටනේ සැබෑ නායකයා, ඉතිරි වූ ඌවේ සිංහලයන් වෙත අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පානම් පත්තුව වෙත පලායන ලෙස සැල කරන ලදී. අවසානයේ බිබිලේ ගල්තලාවක්‌ මතදී සතුරන් අතට පත් නොවූ මෙම අසහාය රණශූරයා ස්‌වකීය දැතින්ම නිල තෙරපුමක්‌ මගින් ජීවිතයෙන් සමුගත් අතර, එතුමා ලංකා ඉතිහාසය වෙත ඉතිරි කරන ලද්දේ ඉන රැඳි කිරිච්චියත්, රාවණ මුහුර්තිය ඇතුළත් ශිවා ලිත පුස්‌කොල ග්‍රන්ථයත්, සුබැසි ගී රචිත පත්ඉරු කිහිපයක්‌ හා මන්ත්‍ර පොතක්‌, ස්‌වකීය නිවස ගිනි තැබීමේදී ඉතිරි වූ එතුමාගේ නිවසේ උළුවහු සතරත්, තමා පණ මෙන් සුරැකි තම ගමන් මල්ලේ රඳවාගත් රාවණ ප්‍රතිමාව හා බුද්ධ ප්‍රතිමාවකුත් පමණි.
ඌවේ දිසාවේ වලපනේ මයුරා ධජය රැගත් රණශූර කිවුලේ ගෙදර පුංචි අලුත් බණ්‌ඩාර දෙවි ලෙස සිංහල වීරයන් වැඳුම් පිදුම් කළ මෙතුමාගේ රුව ළිඳමුල්ල පත්තිනි දේවාලයේ විනාශ වෙමින් පවතින බිත්තියක දක්‌නට ඇති අතර, ඉතිහාසයේ කුණු කූඩයට වැටුණු රාවණ පුලතිසි වෙසමුණි පරපුරට මෙන්ම වසර 190 කට පෙර රාවණ ධජය පෙරටුකොට සිංහලේ නිදහස්‌ සටනේ සැබෑ නායක වලපනේ දිසාවේ කිවුලේ ගෙදර පුංචි අලුත් බණ්‌ඩාර ඉතිහාසයේ කුණු කූඩයට දමා අවසානය. නමුත් පුරා විදුවන් හෝ ඉතිහාසඥයන්, දේශප්‍රේමීන්ද මෙතුමාගේ යටත් විජිතවාදයෙන් පසුවද සත්‍ය ඉතිහාසය මතුකරගෙන නොමැත. නමුත් අසරණ සැබෑ සිංහල හෙළයින් මෙතුමාගේ වටිනාකම රැක ගැනීමට යම් උත්සාහයක යෙදී ඇත.නමුත් ඌවේ අසහාය කිවුලේගෙදර මොහොට්‌ටාල වෙනුවෙන් කපුටන්ට අසූචි තැවරීමට, බල්ලන්ට ලැග සිටීමට අව්වට හා වැස්‌සට තෙමි තෙමී දුක්‌ විඳීමට, දූවිලි පිරි පාරක්‌ අසල පිළිමයක්‌ තැනීමෙන් නොනැවතුණු ඌවේ අතීත සිංහලයන් තම පරපුරේ නෑ යකුන් පිදීමේ පිළිවෙත සුරකිමින් දේවාලයක්‌ ඉදිකර අතීත, අනාගත පරපුරට වැඳ නමස්‌කාර කර ඉතිහාසයේ පුරාවිද්‍යා සාධක තබා, නැලිගම ශ්‍රී ශෛල්‍යාසනාරාමයේ ඉදි වූ ඓතිහාසික කිවුලේගෙදර පුංචි අලුත්බණ්‌ඩාර දේවාලයේ මහා සංඝයා විෂයෙහි දන් දී පින් අනුමෝදන් කිරීම සදා අනුස්‌මරණ කළගුණ සැලකීමකි. එබැවින් ඉදිවූ දෙවොල අනාගත පරපුර වෙත ආරක්‌ෂා කිරීම විහාරාධිපති, වාරියපොල ශ්‍රී සුමංගල හිමි වැනි භික්‌ෂු පරපුරක ආදර්ශය ගෙන ආරක්‌ෂා කිරීම යුතුකමක්‌ද වන්නේය.
කිවුලේගෙදර මොහොට්‌ටාලගේ වටිනාකම වනුයේ,
එතුමා ඌවේ අවසාන යුග පුරුෂයා වීමය.
වලපනේ මයුරා ධජයට හිමිකම ලැබූ අවසාන වලපනේ දිසාව වීම.
එංගලන්තයේ තැන්පත් කර ඇති රාවණ ප්‍රතිමාවේ උරුමකරු වීම.
රාවණ ඇදහීමේ ගුප්ත විද්‍යාව දත් අන්තිම දිසාවේ වීම
රාවණ රජු පිළිබඳව තල්පතක ලියූ අවසන් වීරෝදාර සටන් නියමුවාණන් වීම
වෙල්ලස්‌සේ අභීත සිංහලයා දේවත්වයෙන් අදහන සැබෑ ජනහිතකාමී නායකයා වීම.
එබැවින් ඉංග්‍රීසීන් විසින් මතු පරපුරට උරුම නොකොට මළ සිරුරට පවා වධ බන්ධන සිදුකර මානව හිමිකම් උල්ලංඝනය කර, ඉතා රහසිගතව එනම්, බදුල්ලේ කච්ෙච්රිය පිටුපස ඇති මුස්‌ලිම් පල්ලියේ වළ දමා ඇති කිවුලේගෙදර මොහොට්‌ටාල නම් අභීත රණශූර දෙවියාට පින් අනුමෝදන් කිරීම හා ඉතිහාසයේ රන් අකුරින් මෙතුමාගේ නාමයද සටහන් කීරීම යුග මෙහෙවර වන්නේය.
වසර 190 න් පසු එතුමා පැතූ නිවහල් නිදහස්‌ දේශයක අද අපි ලෙයින් කඳුළින් ලියවූ ඉතිහාසයක්‌ සටහන් කර තබන්නෙමු.
වෙල්ලස්‌සේ නිදහස්‌ සටනේ ආරම්භකයා වලපනේ දිසාවේ බවට පහත සාධක ඉදිරිපත් කළ හැක.
උපුටා( උඩරට මහා කැරැල්ල – තෙන්නකෝන් විමලානන්ද
1819 මැයි 1 දා බදුල්ලේදී හිටපු කතරගම මහබෙත්මේගේ කට උත්තරය.
ප්‍රශ්නය( විල්සන් මහතා තෝල්ක හඡ්ජි මුහම්දිරම් මැරුමේ කවුද ?
පිළිතුර( බූටාවේ රටේ රාළ, කිවුලේගෙදර දිසාවේ, කුඩා බදුදුගුගම රටේ රාළ,
හඡ්ජි මුහන්දිරම් මැරුවේ කිවුලේගෙදර දිසාවේගේ කීම පිට ඔහු ඉදිරිපිටදී.
ප්‍ර(- මේ සඳහා ද්‍රවිඩ ජාතිකයන්
රැගෙන ආවාද?
පි(- කැරැල්ල පැවතුන කාලේ මා දුටු එකම ද්‍රවිඩයා රාමිස්‌සාමියි.
1818 දෙසැම්බර් 11 වන දින රොබට්‌ බ්‍රවුන්රිග්ගේ ලිපියෙන් කිවුලේගෙදර මෙහොට්‌ටාල ඒ දිනය දක්‌වා අල්ලාගෙන නොසිටි බව තහවුරු වේ.
උපුටා ගැනීම( උඩරට මහ කැරැල්ල තෙන්නකෝන් විමලානන්ද
(ප්‍රධාන කැරලි නායක පිළිමතලාවේ සහ කැප්පෙටිපොල අල්ලා ගැනීමේ භාග්‍ය ද බුදුන්ගේ දන්ත ධාතුව ආපසු ලබා ගැනීමටද සඳහන් වේ. අල්ලා නොගෙන ඉතිරිව ඇත්තේ තරමක්‌ බලවත් බුද්ධි සම්පන්න වලපනේ දිසාවේ කිවුලේගෙදර එකම එක පුද්ගලයා නිසාද, කැරැල්ල, මැඩ පැවැත්වීම සම්පූර්ණ විය.) ඒ අනුව, රාවණ ඉතිහාසයද, ඌවේ ඉතිහාසයද, ඉතිහාසයේ වටිනාකමක්‌ නොහඳුනන, ජාතියේ හා දේශයේ අගය නෙහඳුනන උගතුන් යෑයි කියා ගන්නා කිසිවෙකුටවත් ඌවේ මානව හිමිකම් කිසිදා වළ දැමීමක්‌ කළ නොහැකිය. එමෙන්ම ඌවේ වැසියන් වෙනුවෙන් ඉංග්‍රීසීන්ට මතු කලෙක නීත්‍යානුකූලව වන්දි ගෙවීමට සිදු වනුද නොඅනුමානය. ලංකා ඉතිහාසයේ කිසිදා උඩරට මහ කැරැල්ලක්‌ සිදු නොවූ අතර, පෙරදිග රටවල් ආක්‍රමණය කළ මානව හිමිකම් උල්ලංඝනය කළ ප්‍රබල මිලේච්ඡ ජාතියකට එරෙහිව ලොව පැරණිම ශිෂ්ටාචාරය හා නීත්‍යානුකූලව ලෝක සිතියමට හිමිකම් ඇති ශ්‍රී ලංකා පොලොවේ ජනිත මිනිසුන් වීරත්වයේ නාමයෙන් 1818 මහා නිදහස්‌ සටනක්‌ පමණක්‌ සිදුකර ඇත.


ජලිත අමරසිංහ